(video) මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින් ඇරඹූ මාරාන්තික උපවාය අවසන්

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින් ඇරඹූ මාරාන්තික උපවාසය තවදුරටත්
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින් පිරිසක් (10) දින පෙරවරුවේ කොළඹ කොටුවේදී ආරම්භ කළ උපවාසය ඊයේ(13) දහවල් අවසන් කළා. ඒ, උපවාසයේ නිරත මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප‍්‍රජාවේ නියෝජිතයින් කිහිප දෙනෙකු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුවයි.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ වෙළඳසැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික ප‍්‍රජාව මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණා.
මේ අතර මෙලෙස කණ්ඩායම් වශයෙන් රැස්වී විරෝධතා පැවැත්වීම කොවිඩ් වෛරසය ව්‍යාප්තියට අවස්ථාවක් වනු ඇති බැවින් එවැනි කටයුතුවලින් බැහැරවීමට අවධානය යොමු කිරීම වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.