කෝවිලේ සීනු ලණුව තද වී දික්ඔය දරුවකු මිය යයි!

කෝවිලේ සීනු ලණුව
කෝවිලේ සීනුවකට බැඳ ඇති කඹයක් තදවී හත් හැවිරිදි පිරිමි ළමයෙකු මිය යාමේ සිද්ධියක් පසුගිය (11) දින දික්ඔය ඩංගල් වතුයායෙන් වාර්තා වේ.
මෙම වතුයායේ පදිංචි ඩිලුක්ෂන් නැමැති ළමයා මෙලෙස මිය ගොස් ඇත.
මෙම ළමයා කෝවිල් භූමියේ සෙල්ලම් කරමින් සිටි අතර කෝවිලේ සීනුවට ගැට ගසා තිබූ කඹය මෙම ළමයාගේ ගෙල වටා සිර වීමෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා මස්කෙලිය දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-Tamilmirror