එතෙර සිට එන්න ලාංකික ශ්‍රමිකයන් තව 98,000ක් පෝලිමේ

එතෙර සිට එන්න ලාංකික ශ්‍රමිකයන්

එතෙර සිට එන්න ලාංකික ශ්‍රමිකයන්

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රමිකයන් හා විදෙස් අධ්‍යාපනය ලබන සිසුන් 53,321 දෙනෙකු ඉකුත් සිකුරාදා වන විට මෙරටට ගෙන්වා ඇතැයිද, තවත් 98,000 ක පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇතැයිද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි සිළුමිණට පැවසීය.

රටවල් 126කට වැඩි ප්‍රමාණයකින් පැමිණී මේ පිරිස ලංකාවට පැමිණ ඇත්තේ සාමාන්‍ය සේවාවන් සඳහා ගුවන් තොටුපොළ වැසූ මාර්තු 10 වැනිදා සිට මේ දක්වාය. කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ හරහා මේ පිරිස මෙරටට ගෙන්වා ඇති අතර මෙයින් වැඩි පිරිසක් ඩුබායි සිට පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 10,874 කි. එමෙන්ම කටාර් සිට 5,431ක්ද, මාලදිවයින සිට 4,917ක්ද, ඉන්දියාවේ සිට 3,400ක්ද, ඔස්ට්‍රේලියාවේ සිට 2,954ක්ද, කුවේට් සිට 1,699ක්ද මෙසේ පැමිණ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *