දෙමළ ජනතාවගේ ඉල්ලීම් තේරුම් කර දිය යුත්තේ සිංහල ජනතාවට මිස සිංහල දේශපාලකයින්ට නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන්

රාසාමානිකම් චානක්‍යන්

රාසාමානිකම් චානක්‍යන්

පසුගිය යහපාලන කාලය තුළ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද බොහෝ යහපත් දේ ප්‍රකාශයට පත් නොවූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසාමානිකම් චානක්‍යන් පෞද්ගලික මාධ්‍යයකට අදහස් දක්වමින් පවසා සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවී ඇති බව සඳහන් කළ චානක්‍යන්, ප්‍රජාවේ සහයෝගයෙන් දේශපාලන විසඳුමක් ද සොයාගත හැකි බව පැවසීය.

මේ අතර, දෙමළ ජනතාවට වන දේශපාලන විසඳුමක් සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ තම යෝජනාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කිරීමට සූදානම් බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, දෙමළ ජනයාගේ ඉල්ලීම් මුලින්ම තේරුම් කර දිය යුත්තේ සිංහල ජනතාවට මිස සිංහල දේශපාලකයින්ට නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

“අපි ඉල්ලන්නේ මේ රට වෙන්කරන්න නොවේ. මේ රටේ අභිමානයෙන් යුතුව ජීවත් විය නොහැකි බව මුස්ලිම්වරුන් පවසනවා. මෙය සිංහල ජනයාට සිදුවී තිබුනා නම් තත්වය වෙනස් වීමට ඉඩ තිබුණු බව
චානක්‍යන් තවදුරටත් පැවසීය.

මේ අතර, ඔහු සිය පාර්ලිමේන්තු කතාවේදී, මරණ භූමදාන ගැටළුව සම්බන්ධයෙන් මුස්ලිම් නායකයින්ට දොස් නැඟුවේය.

ඇතැම් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමා ළග මේ පිළිබඳව කනස්සල්ලට පත්වූ බව කීය.

කෙසේ වෙතත්, මෙම කාරණය පාර්ලිමේන්තුවේ සුහදව බෙදාගත් හෙයින්, කනස්සල්ල පළ කළ අයගේ නම් සඳහන් කිරීම චානක්‍යන් ප්‍රතික්ෂේප කළේය.

ජනතාවගේ සංවර්ධනයේ අවශ්‍යතාවය වෙනුවෙන් 2013 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස සම්බන්ධ වූ බව පැවසූ ඔහු මේ වන විට දෙමළ ජනතාවට අවශ්‍ය දේවල් සිදු නොවූ බව පෙන්වා දුන්නේය.

“මම වයස අවුරුදු 22 දී ගත් තීරණය වැරදියි,” ඔහු තවදුරටත් පැවසීය.
එසේම, රජය විසින් ඉල්ලා සිටියහොත් ඔහු ඊට සම්බන්ධ වන්නේ දැයි මාධ්‍යවේදියා විසින් මතු කරන ලද ප්‍රශ්නයට,

“මම සිංහල ජාතිවාදී පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් නොවෙමි” යනුවෙන් ස්ථිරවම පැවසීය.

– Newsfirst Tamil

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *