ඉරාක සංචාරයකට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ කැමැත්ත
 
                ඉරාක සංචාරයකට පාප්තුමා
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ලබන වසරේ මාර්තුවේ ඉරාකයේ සංචාරය කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වතිකානය පෙරේදා (8) නිවේදනය කර තිබේ.
පාප්තුමකු ඉරාකයේ සංචාරයකට යන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි පැවැසෙයි. 83 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්, ඉරාකයේ මොසූල් නුවර සංචාරය කිරීමට ද නියමිතය. මොසූල් නගරය කලක් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ බලකොටුවක් වී තිබුණි.
කලක් ඉරාකයේ රෝමානු කතෝලික වැසියන් මිලියනයක් ජීවත් වූ නමුත් අද වනවිට ත්රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් ඉතිරිව ඇත්තේ 10,000 ක් පමණක් බව වතිකානය පෙන්වා දෙයි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        