රැකියා විරහිත තරුණයින්ගේ සංඛ්‍යාව ජනගහණයෙන් 20%ක්! – අමාත්‍ය නාමල් රාජපක්ෂ

රැකියා විරහිත තරුණයින්ගේ සංඛ්‍යාව ජනගහණයෙන් 20%ක්! - අමාත්‍ය නාමල් රාජපක්ෂ
රටේ රැකියා විරහිත තරුණයින්ගේ සංඛ්‍යාව ජනගහණයෙන් 20%ක් වන බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී , වෙළඳ හා ස්වයං රැකියා අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය රජය රැකියා අවස්ථා ඇති කිරීමට අපොහොසත් විය. අද එය විශාල අභියෝගයක් බවට පත්වී ඇත. අද රැකියා විරහිත තරුණයින්ගේ ප්‍රතිශතය 20%ක් වේ. මෙය වර්තමානයේ රජයේ රැකියා පමණක් දීමෙන් විසඳිය නොහැක.
එහෙයින් මෙයට දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් හඳුනා ගත යුතුයි. එහි ජාත්‍යන්තර ආයතන අනුමත කළත් දේශීය දායකත්වය වැඩි කළ යුතුයි. එම වැඩ පිළිවෙල අද රජයේ ක්‍රියාත්මක කරමින් සිටී.
වර්තමානයේ මුදල් ප්‍රතිපාදන ලැබෙමින් පවතී. හම්බන්තොටෙ හි ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මූල්‍ය ප්‍රතිපාදනයක් යොදවා ඇත. මේ නිසා රැකියා අවස්ථා 2000ක් උදා වී ඇත. එහෙයින් සුළු හා මධ්‍යම කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම අපගේ අරමුණ බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.