කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන වෙදා සම්බන්ධයෙන් චෝදනා රාශියක්

ධම්මික පැණියට සායනික පරීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය

ධම්මික පැණියට සායනික පරීක්ෂණ සඳහා ආචාරධර්ම කමිටුවේ අනුමැතිය

‘කොරෝනාවට දේශීය ඖෂධයක් සොයා ගැනීම ‘දේශපාලන උවමනාවක්’ ඉටු කිරීමක්..ලියාපදිංචි කළ ඖෂධයක් නොවේ – වෛද්‍ය නිලධාරීන්ගේ චෝදනා

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවයි.

එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් හෙතෙම සඳහන් කරනවා.

යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කරනවා.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරනවා.

මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළා.


රෝග ලක්ෂණ නැති අය කොහොමත් සතියෙන් හොඳ වෙනවා, මේ වෙදා කරන්නෙ පට්ටපල් බොරුවක් – ගිෂාන්ත දසනායක (Video)

කොවිඩ් 19 වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන ධම්මික බණ්ඩාර නමැත්තා සිදු කරන්නේ පට්ටපල් බොරුවක් බවත්, රටම ඇන්දීමක් බවත් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසනවා. පෙදරේරුවෙකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා දේවාලයක කපුවෙකු මිස ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු හෝ පාරම්පරික වෙද මහතෙකු හෝ නොවන බවයි දසනායක මහතා පෙන්වා දෙන්නේ.

වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ඔහු සොයා ගත් ඖෂධය ලබා දී ඔවුන් නිට්ටාවටම සුවපත් කළ බව පැවසුවද එම රෝහලේ කායික වෛද්‍ය විශේෂඥවරුන් කිසිවෙකුත් මේ පිළිබඳව නොදන්නා බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *