විරු දින සැමරුම: මන්නාරමෙහි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ 4 දෙනෙකුගෙන් CID ප්‍රශ්න කරයි

පසුගිය 25 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ පුද්ගලයින් 4 දෙනෙකුගෙන් මන්නාරම් දිස්ත්‍රික් අපරාධ මැඩලීමේ ඒකකය විසින් පසුගිය දා (01) කටඋත්තර ලබා ගෙන ඇත.

දෙමළ ජාතික ජීවන අයිතිය ව්‍යාපාරයේ නායක වි.එස්.සිවහරන්, මන්නාර් නගරාධිපති ඥානප්‍රහාසම් ඇන්ටනි ඩේවිඩ්සන්, නීතිඥ ඇන්ටනි රොමොල්සන් සහ ප්‍රේම්කුමාර් යන අයගෙන් මෙලෙස කටඋත්තර ලබාගෙන ඇත.

මන්නාරම් දිස්ත්‍රික්කයේ විරු දින සැමරුම පැවැත්වීම සඳහා මන්නාරම පොලිසිය විසින් මන්නාරම අධිනරණය හරහා වාරණ නියෝගයක් ලබාගෙන තිබුණි. මෙවැනි තත්වයක් තිබියදී පසුගිය 25 වන දින මෙම පුද්ගලයින් විසින් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස් පිළිබඳව අපරාධ මැඩලීමේ ඒකකය විසින් ඔවුන්ගෙන් කටඋත්තර ලබාගත් බව පැවසේ. මෙය කොළඹ දිස්ත්‍රික් අපරාධ මැඩලීමේ ඒකකයේ උපදෙස් මත් සිදු කරනු ලැබූ බව දැනගන්නට ඇත.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *