උතුරු මැද පළාතේ 8 දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය – තිස්ස විතාරණ

උතුරු මැද පළාතේ මන්දපෝෂණය - තිස්ස විතාරණ

උතුරු මැද පළාතේ මන්දපෝෂණය - තිස්ස විතාරණ

උතුරු මැද පළාතේ පුද්ගලයින් 8 දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

කෘෂිකර්ම, වාරිමාර්ග හා විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහා අරමුදල් වෙන් කිරීම පිළිබඳ කමිටු මට්ටමේ විවාදයක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2018 වාර්තාවකට අනුව උතුරු මැද පළාතේ 12.5% ක් හෙවත් පුද්ගලයන් 8 දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සඳහන් වෙනවා.

උතුරු මැද පළාත ශ්‍රී ලංකාවේ විශාලතම සහල් නිපදවන පළාතක්. මේ සම්බන්ධව මම ආණ්ඩුකාරවරයා ලෙස සිටි කෙටි කාලය තුළ ගම් කිහිපයකට ගොස් පරීක්ෂා කර බැලුවා.මෙහි ගොවීන්ට වී සඳහා ප්‍රමාණවත් මිලක් ලැබෙන්නේ නෑ. මන්දපෝෂණයෙන් පීඩාවට පත්වන්නේ දුප්පත් ගොවි පවුල් තමයි.

මෙයට ප්‍රධාන හේතුව එක් අතකින් ඇති ණය සහ අනෙක් පැත්තෙන් වී සඳහා ප්‍රමාණවත් මිල ගණන් නොමැතිකමයි. සහල් මෝල් හිමියන්ගේ මාෆියාව මෙහි වැඩියි. මෙවැනි තත්වයක තමයි මෙම පුද්ගලයින් මන්දපෝෂණයට මුහුණ දෙන්නේ .

එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී මෙහි ජනතාවගේ වෙනත් ආදායම් මාර්ග ද අහිමි වෙලා තිබුණා. ඇතැම් පවුල් කන්නේ එක වේලයි. ඒකෙන් මන්දපෝෂණය ඇති වෙනවා. කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙහි කිසිම වැඩපිළිවෙලක් නැහැ.

අපේ රට කෘෂිකාර්මික රටක් වුවත්, ඒක පුද්ගල ජාතික ආදායමෙන් උතුරු මැද පළාතෙන් ලැබෙන්නේ 5% ක් පමණි. අපේ නිෂ්පාදන කර්මාන්තයේ අඩුපාඩු තියෙනවා. අපේ පක්ෂයේ කෘෂිකාර්මික කමිටුව විසින් අධ්‍යයනයකින් මේ බව අනාවරණය වුනා.

එසේම මෙහි ඉඩම් විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත බෙදා දී තියෙනවා. මෙය සම්පූර්ණ ක්‍රියාවලියක් නොවේ. එවැනි තත්වයන් ඉහළ දරිද්‍රතාවයට හේතු වන බවත් සමුපකාර ක්‍රමය මෙහි ශක්තිමත් කළ යුතු බවත් අතරමැදියන් කොල්ලකෑම වැළැක්විය යුතු බවත් ඔහු මෙහිදී පැවසීය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *