දිනකට මුහුණු ආවරණ මිලියන හයක් පරිසරයට මුදා හැරේ, මේ වසරේ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට

දිනකට මුහුණු ආවරණ මිලියන හයක් පරිසරයට මුදා හැරේ, මේ වසරේ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට

දිනකට මුහුණු ආවරණ මිලියන හයක් පරිසරයට මුදා හැරේ, මේ වසරේ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට

කොවිඩ් 19 වයිරසය පැතිරීම ආරම්භ වූ මාර්තු මාසයේ සිට පසුගිය ඔක්තෝබර් මාසය දක්වා සායනික මුහුණු ආවරණ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරනවා.

නමුත් 2019 වර්ෂයේ මෙරටට ආනයනය කර ඇති සායනික මුහුණු ආවරණ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 32ක් වනවා.

මෙම වසරේ ආනයනය කර ඇති මුහුණු ආවරණ ටොන් 585ට දළ වශයෙන් මුහුණු ආවරණ කෝටි 14ක් ඇතුළත් බවද ශ්‍රී ලංකා රේගුව සඳහන් කරනවා. ආනයනකරුවන් 580ක් විසින් මෙම මුහුණු ආවරණ ආනයනය කර තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව ආනයනය කළ මුහුණු ආවරණද මේ අතර වනවා.

එලෙස ගෙන්වන ලද මුහුණු ආවරණ වරායේ සහ ගුවන්තොටුපොළේ රඳවා ඇති අතර එම ප්‍රමාණය කෝටියකට ආසන්න බවද අනාවරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල්වලට දිනකට සායනික මුහුණු ආවරණ දෙලක්ෂ පනස් දහසක් අවශ්‍ය වනවා.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මුහුණු ආවරණ මිලියන හයක් දෛනිකව පරිසරයට මුදා හරින බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *