ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණිගත කිරීම : ලංකාවේ ණය අවදානම බරපතල තත්ත්වයක..තවදුරටත් පහතට..

ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණිගත කිරීම
ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දිගුකාලීන ණය වර්ගීකරණයෙන් “බී” සෘණ තත්ත්වයේ සිට “සීසීසී” තත්ත්වය දක්වා තවදුරටත් පහත හෙළා තිබේ.
ෆිච් ආයතනය පවසන්නේ, මෙය ශ්‍රී ලංකාවේ ණය අවදානම සම්බන්ධ බරපතල තත්ත්වයක් බවයි.
ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව “සීසීසී” තත්ත්වය දක්වා මෙලෙස පහත හෙළීමෙන්, ශ්‍රී ලංකාව මධ්‍ය කාලීනව ණය ආපසු ගෙවීමේ අභියෝගාත්මක තත්ත්වයක සිටින බව පෙන්නුම් කෙරේ.
විශේෂයෙන්, මේ තත්ත්වය තුළ පවතින සීමා හේතුවෙන් ස්වෛරීත්ව ණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ඉහළ යාම නිසා තිරසාර ණය කළමනාකරණයේ අවදානම ඉහළ ගොස් ඇති බව ද ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් ය.
එහි දැක්වෙන්නේ 2021 අයවැයට මූල්‍ය තත්ත්වය නිසි ලෙස පවත්වාගෙන යාමේ උපාය මාර්ගයක් නොමැති අතරම සැලසුම් කර ඇති රජයේ ණය අඩු කිරීම සහ අයවැය හිඟය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් මතුවී ඇති බවයි.
2020 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 6.7% ක අවපාතයක් වන අතර 2021 දී 4.9% වර්ධනයක් පෙන්වනු ඇති බව ද මෙහි සඳහන් වේ.
මෙවන් පසුබිමක් තුළ වුව ද මෙරට බලධාරීන් දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයක් අපේක්ෂා නොකරන බව ද ෆිච් ආයතනය පෙන්වා දී ඇත.