හන්තාන කඳු මුදුනේ සිට නුවර ටවුමට කේබල් කාර්

හන්තාන කඳු මුදුනේ සිට නුවර ටවුමට කේබල් කාර්
හන්තාන කඳු මුදුනේ සිට මහනුවර නගරය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ කටයුතු කොරියානු සමාගාමකට පැවරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
කොරියාවේ ‘ස්කයි ඒෂියා’ සමාගම මගින් ඉදිකිරීමට නියමිත මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ දිග කිලෝමීටර් 2.2කි.
ලබන වසරේ ආරම්භ වන මෙම ව්‍යාපෘතියේ ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 35ක් වනු ඇති බව පැවසේ.
2022 වසරේ මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත බව ස්කයි ඒෂියා සමාගමේ සභාපති ‘යූ සුන්-හා’ එරට මාධ්‍ය වෙත පවසා තිබේ.