කොළඹ වරායේ චීන සමාගම කොවිඞ් හංගලා

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

නැගෙනහිර ජැටියේ ඉතුරු 51% කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක්

කොළඹ දකුණු වරාය හිමි චීනයේ කළම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම එම ආයතනයෙන් හමුවූ කොවිඞ් ආසාදිතයන් පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත්නොකර හංගා ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වී ඇත්තේ වරාය අධිකාරියේ සභාපතිවරයා හා එහි වෘත්තීය සමිති අතර නොවැම්බර් 17 වැනිදා පැවති සාකච්ඡාවකදීය.

එම සාකච්ඡාවේදී වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කර ඇත්තේ කොළඹ දකුණු වරායේ චීන සමාගමේ සේවකයන් කිහිපදෙනෙකුට කොවිඞ් ආසාදනය වී ඇති බවත් ඒ නිසාම එහි සේවකයන් පිරිසක් නිරෝධායනයට ලක්කර ඇති බවත්ය. එමෙන්ම එම කරුණ පිළිබඳ චීන සමාගම තමන්ටද හැංගූ බව එහිදී වරාය සභාපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට ප්‍රකාශ කර ඇත.

සාමාන්‍යයෙන් කොවිඞ් ආසාදිතයන් හමුවූ විට එය ප්‍රකාශයට පත්කිරීමත් ඒ සම්බන්ධයෙන් ගත් හා ගන්නා ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියට පත්කිරීමත් ආයතනයක් සිදුකළ යුතු අතර වරාය අධිකාරියද සිය කොවිඞ් ආසාදිතයන් ගැන රටට කීය.

කොළඹ වරායත් ඒ තුළ සිට ක්‍රියාත්මක වන සමාගම් සමඟත් භාණ්ඩ මෙහෙයුම් කටයුතුවලදී වරාය ආරක්ෂක අංශ, රේගුවේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වෙති.
-anidda

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *