කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය

කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය

කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය

මේ වසර ඇතුළත ආර්ථික සංවර්ධන මාවතේ ගමන් ගනිමින් සිටින ගිනිකොණ ආසියාවේ එකම රට බවට පත්වෙමින් කොරෝනා වසංගතය මැද ආර්ථික හානිය අවම කරගත් එකම රට බවට වියට්නාමය පත්ව ඇත.

කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය
කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් නිකුත්කරනු ලැබ ඇති අලුත්ම සංඛ්‍යා සහ තොරතුරු අනුව වියට්නාම් ආර්ථිකය මෙම වසර තුළ 2.4%ක ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු වෙයි.

“COVID-19 වසංගත තර්ජනය මැද රටේ මහජන සෞඛ්‍ය මෙන්ම ආර්ථිකය බිඳ වැටීමෙන් තොරව පවත්වා ගැනීමට වියට්නාම් බලධාරීන් විසින් ගන්නා ලද තීරණාත්මක පියවර ඔවුන්ගේ සාර්ථකභාවයට හේතු වී ඇතැයි,” ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වියට්නාම් ඇගයුම් වාර්තාවේ සඳහන් වෙයි.

මේ දක්වා (නොවැම්බර් 19) වියට්නාමයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,288ක් වන අතර මරණ සංඛ්‍යාව 35ක් පමණි.

“දේශීය ආර්ථිකය සාමාන්‍ය තත්වයට ගෙනෙනු ලැබීම සහ විදේශීය ආර්ථික ගනුදෙනු අඛණ්ඩව පවත්වාගෙනයාම මගින්,” 2021 වසර ඇතුළත වියට්නාම් ආර්ථිකය ශක්තිමත් වනු ඇතැයි අනාවැකි පළකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එරට ආර්ථික වර්ධන වේගය 6.5% ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

බොහෝ පොහොසත් රටවල පවතින සෞඛ්‍ය යටිතල පහසුකම් වියට්නාමයේ දක්නට නැති නමුත් COVID-19 වසංගත තර්ජනය ආරම්භයේදීම මහජන සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීම සඳහා එරට බලධාරීන් විසින් ගන්නා ලද පියවර පුළුල් මට්ටමින් අගයකරනු ලැබීමට ලක්විය.

COVID-19 පිරික්සුම් උපකරණ කට්ටල නිපදවා ගැනීමට වහා පියවරගත් වියට්නාමය සංයුක්ත මූලෝපායික පරීක්‍ෂණයක් සහ ආසාදිතයන් සංඛ්‍යාව පාලනය කර ගැනීමට හේතුවෙන පරිදි වහාම ඔවුන් හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කළේය.

මෙම වසරේ වියට්නාම් ආර්ථිකයේ මන්දගාමී වීමක් පෙන්නුම් කරන අතරවාරයේ වැඩෙමින් පැවති වියට්නාම් සංචාරක කර්මාන්තයට ද පහර එල්ල වූ නමුත් වසංගතයේ බලපෑමට හසුව රටේ ආර්ථිකය නරක අතට හැරීමෙන් වළක්වා ගැනීමට ඔවුහු පියවර ගත්හ.

කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය
කොරෝනා වසංගතය මැදත් ආසියාවේ බැබළෙන වියට්නාම් ආර්ථිකය


ලෝකය ගෙදර සිට වැඩ කිරීමෙන් වියට්නාමය ලද හදිසි වාසිය

වියට්නාමය කේන්ද්‍රකරගත් ආයෝජන සමාගමක් වන ‘විනාකැපිටල්’ (Vinacapital) නම් සමාගමේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන මයිකල් කොකලාරි (Michael Kokalari) ප්‍රකාශකරන පරිදි ඉහත කී ආර්ථික නැග්මට කරුණු ගණනාවක් ඇත.

ඔහුට අනුව, ඇතැම්විට බෙහෙවින් අපේක්ෂා නොකළ මට්ටමේ ආර්ථික ලාභයකට හේතුව ලොවපුරා ගෙදරදොරේ සිට වැඩකරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මහාපරිමාණයෙන් වැඩිවීමය.

“මිනිස්සු ගෙදර සිට වැඩ කිරීම සඳහා අලුත් ලැප්ටොප් පරිගණක එහෙමත් නැත්නම්, කාර්යාලයීය ලී බඩු අලුතින් මිලට ගත්තා. ගෙදර ගතකරන කාලය වැඩිවුනා. එම බඩුභාණ්ඩවලින් වැඩිහරියක් වියට්නාමයේ නිෂ්පාදනය කරපු දේවල්,” මයිකල් කොකලාරි (Michael Kokalari) BBCයට පැවසීය.

2019 පසුගිය වර්ෂයට සාපේක්‍ෂව මෙම 2020 වසරේ පළමු කාර්තු තුන ඇතුළත වියට්නාමයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට කෙරුණ අපනයනය 23%කින් ඉහළ ගොස් ඇත. ඒ අතරම විද්‍යුත් උපකරණ අපනයනය 26%ක් තෙක් වැඩිවිය.

තීරුබදු දුක

චීනයේ ශ්‍රමය සඳහා ගෙවන වියදම් වැඩිකරනු ලැබීමත් සමඟ ව්‍යාපාරික ලෝකය වෙනත් රටවල ව්‍යාපාර ආරම්භකිරීම සඳහා අවධානය යොමුකරනු ලැබීම හේතුවෙන් පසුගිය දශකයන්හි වියට්නාම් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ද විශාල වර්ධනයක් සිදුවිය.

තීරුබදු රෙගුලාසි ගණනාවක් පනවනු ලැබීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය භාණ්ඩ නිෂ්පාදනය අතින් චීනය කෙරෙහි පැවති ආකර්ෂණය අඩුවීමට හේතුවක් වී ඇත.

‘ඇපල්’ සහ ‘සැම්සුන්’ ඇතුළු ලෝකයේ තාක්ෂණික නිපැයුම් අංශයේ ප්‍රමුඛ බොහෝ බහුජාතික සමාගම් වියට්නාමයේ ඔවුන්ගේ නිෂ්පාදන ආරම්භ කළහ.

‘ඇපල්’ සමාගමේ නවතම සැලැස්ම වන්නේ ඉතා මිල අධික ගුණාත්මක බවින් ඉහළ ‘එයාර් පොඩ්’ (Airpods) මාදිලියේ ඉයර්ෆෝන් (earphone) වියට්නාමයෙහි නිපදවීමය.

සිය සැපයුම් ජාලයන්හි විවිධත්වය පවත්වා ගනු ලැබීමේ අවශ්‍යතාව නිසා තවත් බොහෝ සමාගම්, මෙම කොරෝනා වසංගත සමයෙහි වියට්නාමයේ නිෂ්පාදන ආරම්භකරනු ලැබීම කෙරෙහි අවධානය යොමුකරමින් ඇති බවත් ‘විනාකැපිටල්’ (Vinacapital) නම් සමාගමේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා වන මයිකල් කොකලාරි (Michael Kokalari) පවසයි.

“කොවිඩ් වසංගතය පැතිරයන අවස්ථාවේ ලෝකයට සැපයුම් සිදුකළ යුතු පරිසරයක එකම සැපයුම් චක්‍රය චීනය වී නම් නිෂ්පාදන කාර්යය පෙරට ගෙනයාමට නොහැකිවෙන බවත් ආර්ථික විද්‍යාඥයා පෙන්වා දෙයි.

– bbc.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *