ස්වයං නිරෝධායනයේ සිටින අය නීතිය කඩ කළහොත් දේපළ රාජසන්තක කරනවා! – අජිත් රෝහණ

විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

විදේශ රටවල්වලට පැන ගිය 24 දෙනෙකුට රතු වරෙන්තු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පුද්ගලයින් නිරෝධායන නීති රීති උල්ලංඝනය කළහොත් ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව මාධ්‍යයට හඬපටයක් නිකුත් කර ඇති ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ,

රටපුරා පවුල් 28,472ක පුද්ගලයින් 77,531ක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මොවුන්ට හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා දී ඇති දුරකථන අංකය මඟින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අමතා ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගත හැකිය. එයට පරිබාහිරව නිවසින් බැහැර වන අයට විරුද්ධව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගනු ලැබේ. එපමණක් නොව ඔවුන්ගේ චංචල හා නිශ්චල දේපළ ද රාජසන්තක කරනු ඇත.

එහෙයින් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති තැනැත්තන් නිවෙසින් බැහැරව ගත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත. මෙය සම්බන්ධව විමසිලිමත්ව කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක හමුදා රාජකාරී කටයුතුවල යොදවා ඇත.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 24ක් හුදෙකලා කර ඇත. එයින් පොලිස් බල ප්‍රදේශ 6ක ප්‍රධාන බස් නැවතුම්පළවල් , දුම්රිය ස්ථාන ඇතුළු ප්‍රධාන ස්ථාන පිහිටා ඇති බැවින් අදාළ ප්‍රදේශවල ගමනාගමන සීමා සහිතව ක්‍රියාත්මක වේ.

වෙනත් ප්‍රදේශවල පදිංචි මගීන්ට බස් නැවතුම්පළ හා දුම්රිය ස්ථානවල ඒ පහසුකම් ලබා ගත හැකි නමුත් එම ප්‍රදේශවල වෙනත් කටයුතුවල නිරත වීම සපුරා තහනම් ය. එම ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසීය. මෙම නීතියට විරුද්ධව කටයුතු කළ පුද්ගලයින් 95 දෙනෙකු පෙරේදා දින අත්අඩංගුවට පත් විය. කොටහේන, ජා – ඇල , වත්තල සහ කෙසෙල්වත්ත යන පොලිස් බල ප්‍රදේශවලට අයත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට පත්විය.

එමෙන්ම, මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථ භාවය ඇතුළු සෞඛ්‍ය විධි විධාන කඩකළ 7 දෙනෙකු පෙරේදා දින අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන තුරු සෞඛ්‍ය විධි විධානවලට පටහැනිව කටයුතු කළ 297 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *