මහවිරු සැමරුම පැවැත්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සම් 04ක් ප්‍රතික්ෂේපයි

මහවිරු සැමරුම පැවැත්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සම් 04ක් ප්‍රතික්ෂේපයි

මහවිරු සැමරුම පැවැත්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සම් 04ක් ප්‍රතික්ෂේපයි

මිය ගිය එල්.ටී.ටී ඊ. සාමාජිකයන් සිහිපත් කරන මහවිරු සැමරුම පැවැත්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සම් 04ක් යාපනය මහාධිකරණය විසින් ඊයේ (20) ප්‍රතික්ෂේප කරනු ලැබීය. යාපනය මහාධිකරණයට ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් සලකා බැලීමට බලතල නොමැති බව දන්වමින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කර තිබේ. මහවිරු දිනය සැමරීමේදී පොලිසිය විසින් ඊට බාධා කරනු ඇතැයි පවසමින් දෙමළ ජාතික මහජන පෙරමුණේ හිටපු සාමාජිකයකු විසින් අදාළ රීට් ආඥාව යොමු කර තිබූ බව වාර්තා වේ.

එම තැනැත්තා අදාළ රීට් ආඥාව ගොනු කර ඇත්තේ මිය ගිය එල්.ටී.ටී ඊ. සාමාජිකයකුගේ මවක විසින් මහවිරු දිනය සාමකාමී ලෙස හෝ සැමරිය යුතු බවට කරන ලද ඉල්ලීමක් අනුව යැයි ද පැවසේ. ඒ අනුව මහවිරු සැමරුම නැවැත්වීමට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි යාපනය, පේදුරුතුඩුව, කන්කසන්තුරෙයි, මල්ලාකම් සහ කිලිනොච්චිය යන පොලිස් ස්ථාන විසින් යාපනය මහාධිකරණය ඇතුළු සෙසු ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත් අධිකරණවලින් ඉල්ලීමක් කර තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *