අගමැතිගේ රුපියල් 1000 පුස්සක්ද? සමාගම් ප්‍රතික්ෂේප කරයි?

මහින්දගේ රුපියල් 1000 පුස්සක්ද? සමාගම් ප්‍රතික්ෂේප කරයි?

මහින්දගේ රුපියල් 1000 පුස්සක්ද? සමාගම් ප්‍රතික්ෂේප කරයි?

ලබන වසරේ සිට වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,000ක් ගෙවීමට යෝජිත අයවැය යෝජනාවක් සම්බන්ධයෙන් රජය තමන් හා සාකච්ඡා කර නොමැති බව වතු සමාගම් පවසා තිබේ.

රජය විසින් සහනාධාරයක් ලබා දෙන්නේ නම් මිස දෛනිකව රුපියල් 1,000 ක වැටුපක් ගෙවීමට එකඟ වීම කෙරෙහි තමන් දැනට ලබන අධික අලාභයන් බාධාවක්ව පවතින බව සමාගම් ප්‍රකාශ කර තිබේ.

ඒ අතරම, අඟහරුවාදා මාර්ගගත මාධ්‍ය හමුවකට සහභාගී වූ ශ්‍රී ලංකා වතු හාම්පුතුන්ගේ සංගමය, වතු වෘත්තීය සමිති හා දේශපාලඥයින් තමන් ඉදිරිපත් කර ඇති විකල්ප වැටුප් සැලැස්ම පිළිගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

හාම්පුතුන්ගේ සංගමය පවසන්නේ ඔවුන් ඉදිරිපත් කර ඇති යෝජිත වැටුප් ක්‍රමය වතු කම්කරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාරික හැකියාවන් අනුව දිනකට රුපියල් 1,000 කට වඩා උපයා ගැනීමට හැකි වන බවයි.

එම අදහස දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බැවින් රජය සහ වෘත්තීය සමිති නැවත එකඟ වේවිදැයි ඇසූ විට, හාම්පුතුන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශක ආචාර්ය රොෂාන් රාජාදුරෙයි කියා සිටියේ එය පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.
තම විකල්ප අදහස පිළිගැනීමට අපොහොසත් වුවහොත් වතු කර්මාන්තය තවදුරටත් පීඩාවට පත්වන බවට ඔහු අනතුරු ඇඟවූ අතර, පසුගිය වසර 28 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත තේ වලින් සියයට 30 ක් පමණ නිෂ්පාදනය කරන කලාපීය වැවිලි සමාගම් සහ වෘත්තීය සමිති කම්කරුවන්ගේ දෛනික වැටුප් තීරණය කිරීමේ සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් අඩපණ වී ඇති බව පැවසීය.

එහෙත් 2021 ජනවාරියේදී පැවැත්වීමට නියමිත නව සාකච්ඡා වටයත් සමඟ හාම්පුතුන්ගේ සංගමයේ සභාපති භාතිය පුල්මුල්ල තර්ක කරනුයේ, වෙනත් රටවල සාර්ථකව ක්‍රියාත්මක වන කෘෂි වෙළඳ ආකෘතීන්ට අනුව වතු ක්ෂේත්‍රයේ අර්ථවත් හා ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම අවශ්‍ය බවය.

එමෙන්ම ඉදිරියට යා හැකි එකම මාර්ගය මෙයයි. වතු කම්කරුවන්ගේ පවුල්වල අනාගත යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වන සියලු පාර්ශවයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපගේ විකල්ප අදහස පිළිගන්නා ලෙසයි. එමඟින් කම්කරුවන්ට රුපියල් 1000ට වඩා වැඩි වැටුප් ලැබිය හැකිය. අපගේ යෝජනාව හරියාකාරව ක්‍රියාත්මක කරන්නේ නම් වතුකම්කරුවන්ට මාසිකව රුපියල් 55000 සිට 70000 දක්වා ආදායමක් උපයා ගත හැකි ය, යනුවෙන්ද ඔහු පැවසීය.

-TrueNews

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *