ආසියා – පැසිෆික් රාජ්‍යයන් එක්ව ලොව විශාලතම වෙළඳ ගිවිසුමට අත්සන් තබලා

ආසියා - පැසිෆික් රාජ්‍යයන් එක්ව ලොව විශාලතම වෙළඳ ගිවිසුමට අත්සන් තබලා

ආසියා - පැසිෆික් රාජ්‍යයන් එක්ව ලොව විශාලතම වෙළඳ ගිවිසුමට අත්සන් තබලා

වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වුණු අග්නිදිග ආසියානු රාජ්‍යයන්හි රාජ්‍ය නායක සමුළුවේ (ASEAN) අවසන් දිනයේදී එහි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමකට පිවිසීම සිදුවිය. මෙහිදී එම රාජ්‍ය නායකයන් සියලු දෙනාම අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් මෙම සමුළුවට සම්බන්ධවීමත් අවසානයේදී මෙම එකඟතාවට අත්සන් තැබීමත් විශේෂත්වයක් විය.

කලාපීය සුවිශේෂී ආර්ථික හවුල්කාරීත්වය (RCEP – Regional Comprehensive Economic Partnership) ලෙස මෙම ගිවිසුම නම් කෙරී ඇත. වාර්තාවලට අනුව එය එතෙක් මෙතෙක් ලොව ඇති කරගත් විශාලතම වෙළෙඳ ගිවිසුම ලෙසද සැලකෙයි. මෙම එකඟතාවට අනුව ඉදිරි වසරවලදී මෙම රාජ්‍යයන් අතර අඩු තීරුබදු අය කිරීමක් යටතේ වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමේ හැකියාව එම සාමාජික රාජ්‍යයන්ට අවස්ථාව උදාවෙයි.

2012 වසරේදී මෙම එකඟතාව පිළිබඳව පළමු අදහස ඉදිරිපත් වූ අතර ආසියානු ආර්ථිකයන් 10ක් (බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය) සමඟ චීනය, ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය සහ ඔස්ටේලියාව මෙම ගිවිසුමට පිවිස තිබේ.

මෙම එකඟතාව හරහා ලෝකයේ ජනගහනයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් නියෝජනය කෙරෙන අතර එය ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 29%ක ප්‍රතිශතයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *