මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් – යුද හමුදාපති

මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් - යුද හමුදාපති

මිනුවන්ගොඩ පොකුර පාලනය කර අවසන් - යුද හමුදාපති

කොරෝනා දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිනුවන්ගොඩින් ආරම්භ වූ කොරෝනා පොකුරේ ආසාදිතයින් 3,106 දෙනෙක් හඳුනා ගනු ලැබීය. ඉන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 136 දෙනෙකු පමණක් බව යුද හමුදාපතිවරයා සදහන් කළේය.

“ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ල මිනුවන්ගොඩින් පටන් ගත්තාම ඒක 3106කින් සීමා කරන්නට අපිට හැකියාව ලැබුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ගම්පහ ප්‍රදේශයෙන් යම්කිසි ආසාදිතයෙකු හමුවන්නෙත් මේ දෙවැනි රැල්ලෙත් දෙවැනි කොටසක් ලෙස තමයි. නැත්නම් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ වුණාට මිනුවන්ගොඩ පොකුරේ මිනුවන්ගොඩින් ආරම්භ වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන් අපි පාලනය කර තිබෙනවා. මේ 3106න් අදට රෝහල්වල ඉන්නෙ 136 දෙනෙකු පමණයි. ඉතුරු සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.” යනුවෙන් යුද හමුදාපතිවරයා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *