පටවන්න නැවක් නැතිව ලන්ඩන්යට හරවා යැවීමට ඇති කුණු කන්ටෙනර් තොගය කටුනායක හිරවෙයි

පටවන්න නැවක් නැතිව ලන්ඩන්යට හරවා යැවීමට ඇති කුණු කන්ටෙනර් තොගය කටුනායක හිරවෙයි
වසර දෙකහමාරකට පෙර මෙරටට ගෙන්වා දැනට කටුනායක නිදහස් වෙළෙද කලාපයේ අංගනයක රඳවා ඇති පරිසරයට බලවත් හානිකර ලන්ඩන් සිට ගෙන ආ කුණු කන්ටේනර් 125ක තොගය ආපසු පැටවීමට නැවක් සොයා ගැනීම අපහසු වීම හේතුවෙන් එම කුණු තොගය ආපසු යැවීම අතරමග නැවතී ඇත.
කොරෝනා අවදානම පැතිරෙන අතරතුර මෙම කුණු කන්ටේනර් තොගය හරහාද පරිසරයට සිදුවන හානිය පිළිබඳව සමාජ විද්‍යාඥයින් වගකිව යුතු අංශ වෙත සහ රේගුවට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කර ඇත.
රේගු සමාජ සංරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ බාලසූරිය මහතා සඳහන් කළේ මේ පිළිබඳව නැවත වරක් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවය.
මෙම කුණු කන්ටේනර් තොගය සහ ආපසු පිටත් කර හැරි කුණු කන්ටෙනර් තොගය පිටත් කර හැරීම සඳහා අධිකරණය ලබා දුන්කාලය මේ වන විට ඉක්ම ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
-mawrata