මරණ භූමදාන කිරීම ගැන, ඇයි මෙච්චර මෝඩයන් වගේ කතා කියන්නේ ? බගවන්තලාව රාහුල හිමි

0
මරණ භූමදාන කිරීම ගැන, ඇයි මෙච්චර මෝඩයන් වගේ කතා කියන්නේ ?

මරණ භූමදාන කිරීම ගැන, ඇයි මෙච්චර මෝඩයන් වගේ කතා කියන්නේ ?

මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ මළවුන් භූමදානය කිරීමේ අයිතිය ලබා දෙන ලෙස බගවන්තලාව රාහුල හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

එම හිමිගේ ඉල්ලීමෙහි තවදුරටත් සඳහන් වන්නේ,

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව covid-19 ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුය. මළ සිරුරු මතින් දේශපාලනය කිරීමට ඉඩ නොදෙන්න. ඉස්ලාම් භක්තිකයන්ගේ හිත් රිදවා ඔවුන් කෝපයට පත් නොකරන්න. එය අපට පාපයක්.

මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ මරණ භූමදානය කිරීමේ අයිතිය ලබා දෙන්න. ඉස්ලාමීය කෙනෙකු මැරුණු විට එම මරණයට කළයුත්තේ කුමක්දැයි එම ආගමේ පැහැදිලිව කියලා තියෙනවා. මොන තරම් කුරිරුද? මිනිසෙක්ව, මිනිසා විසින් පළිගනු ලබනවා. දැන් රට තුළ නව කතාවක් ආරම්භ වී තිබේ. මළවුන්ගේ සිරුරු පුළුස්සා දමනවාද? භූමදානය කරනවාද? කියලා. ඉස්ලාමීය ධර්මය පවසන්නේ මළවුන්ගේ සිරුරු පුළුස්සා දැමීම පාපයක් බවයි. මියගිය අයගේ සිරුරට ගෞරව කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ඇයි මෙම තත්වය? මියගිය මරණයන් තබාගෙන දේශපාලනය කරනවා. හරිම දුකයි. කොච්චර පහත්ද? මිනිස් ස්වභාවය මේ වගේද? කියා සිතන විට එය ඉතා කනස්සල්ලට පත් කරයි. සොබාදහම සහ විශ්වය අපේක්ෂා කරන්නේ මෙයද? අපට වඩා ඉහළ රටවල මළවුන්ගේ සිරුරු භූමදානය කරති. එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය සහ සිංගප්පූරුව වැනි බොහෝ රටවල් භූමදානය කරයි.

එහි මළ සිරුරු ආදාහනය නොකරයි. ඔවුන් සෞඛ්‍ය අංශය පවසන දේ ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකාවේ පමණක් ඇයි ආදාහනය කරන්නේ?

මේ රටේ නායකයෙනි, මේ කාරණය සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට නිවැරදි පිළිතුරක් ලබා දෙන්න. නිවැරදි ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය නිවැරදි නීති සම්පාදනය කළ යුතුය. එසේත් නැතහොත් ජනාධිපතිවරයා ජනතාවගේ හිත් සනසන වචනයක් ලබා දිය යුතුය.

ඔවුන් පවසන්නේ පසෙහි වළලනු ලබන විෂ වෛරසය පිටත පැතිරෙන බවයි. වෛරස් ආසාදිතයා රෝහලේ සිටියදී වැසිකිළියට නොයන්නේද? මලපහ කරන්නේ නැද්ද? මෙමගින් විෂබීජ වෛරසය පැතිරෙන්නේ නැද්ද? covid-19 ආසාදිතයන් හඳුනාගත හොත් නිවසේදී හුදෙකලා වූවන් රෝහලට ගෙන යනවා. ඔවුන් තම නිවෙස්වල වැසිකිළියට ගියේ නැද්ද? පැත්තේ වෙනත් නිවාස නැද්ද? එම වෛරසය අසල්වැසි නිවෙස්වලට යන්නේ නැද්ද?
ඇයි කතාව මෙතරම් මෝඩ ලෙස කියන්නේ. මේකද රටේ නීතිය?.

මිනිසුන්ගේ හිත් රිදවන්න එපා. ඉස්ලාම් භක්තිකයන්ගේ හිත් රිදවා ඔවුන් කෝපයට පත් නොකරන්න. එය අපට පාපයකි. මළ සිරුරක් වුවත් මුහම්මද් නබි (සල්) තුමා නැගිට සිය ගෞරව දැක්වීය. එබැවින් මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න. විෂබීජ බෝවන බව බොරු කියන්නේ ඇයි? මළ සිරුරු සමඟ දේශපාලනය නොකරන්න යන ලෙසත් එහි සඳහන් වේ.

– akuranatoday.com

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com