කොවිඩ්-19ට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් ගින්නකින් මරුට

කොවිඩ්-19ට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් ගින්නකින් මරුට
රුමේනියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පියාට්‍රා නියැම්ට් නගරයේ රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකය තුළ මෙම ගින්න හටගෙන තිබිණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් ගින්නෙන් බේරා ගැනීමට උත්සහ කළ වෛද්‍යවරයෙකු අධික පිළිස්සුම් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයක පසුවේ.
රුමේනියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ, මෙම ගින්න විදුලි කාන්දු වීමකින් සිදුව ඇතැයි සැක කරන බවය.
රුමේනියාවේ මේ දක්වා කොරෝනාවෛරස් ආසාදිතයින් 350,000ක් වාර්තා වී ඇති අතර, මරණ 8813ක් සිදුව තිබේ.
රෝගීන් 1149 දෙනෙක් දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබති.