නිශාන්ත සිල්වා රටින් පනින බව CID කල්තියාම දැනගෙන

නිශාන්ත සිල්වා

නිශාන්ත සිල්වා

රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම යතුරුපැදිය සහ පිස්තෝලය කල්තියා භාරදී විදේශගත වන බව මුළු රහස් පොලිසියේම නිලධාරීන් දැන සිටි බව රජයට හෙළිවී ඇත.

ඔහු සහ පවුලේ අය කටුනායක ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එහි සිටි රහස් පොලිස් නිලධාරීන් ගුවන්ගතවීමට ඉඩදී තිබේ.

ආරක්‍ෂක ලේකම් සහ පොලිස්පතිගේ අවසරයකින් තොරව නිශාන්ත සිල්වා විදේශගත වී ඇති අතර ඔහු ස්විට්සර්ලන්තයට යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද දැන සිටි බව අනාවරණය වී ඇත.

මේ අතර නිශාන්ත සිල්වා මෙරටට එවන ලෙස ශී‍්‍ර ලංකා රජය කළ ඉල්ලීමට ස්විස් රජය මේ දක්වාම ප‍්‍රතිචාර දක්වා නැත. ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවසුවේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීමෙන් වළකින ලෙස මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *