දවසක් තුළ එක් පුද්ගලයෙකු සහ අලි තිදෙනෙකු මිය යයි, මිනිස් – අලි ගැටුම උග්‍රවේ

අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට

අලි මිනිස් ගැටුම 2022දී අලි ඇතුන් 433 දෙනකු මරුට

මිනිස් – අලි ගැටුම හේතුවෙන් පසුගිය පැය 24 තුළ, රටෙහි ඇතැම් ප්‍රදේශවල අලින් තිදෙනෙකු සහ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත. වැල්ලවාය – ගැමුණුපුර ප්‍රදේශයෙහි පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු (14) දහවල්, වන අලියෙකු පහර දීමෙන් මෙලෙස මිය ගොස් ඇත.

මේ අතරතුර, වවුනියාවෙහි සෙට්ටිකුලයෙහි ඇති කප්පාච්චි ටැංකිය මතුපිට මිය ගිය වන අලියෙකුගේ සිරුරක් සොයා ගෙන ඇත. එම අලියාට වයස අවුරුදු 7ක් යනුවෙන් ද, මෙම අලියා වස පානය කිරීමෙන් මිය ගොස් ඇති බවට ද වනජීවී නිලධාරීන් සැක පළ කර තිබේ.

එමෙන්ම (15) පොළොන්නරුව ගල්ලෙල ප්‍රදේශයේ, වෙඩි තබා ඝාතනය කරන ලද අලියෙකුගේ සිරුරක් කුඹුරක තිබී වනජීවී නිලධාරීන් සොයා ගෙන ඇත.

තවත් මිය ගිය එක් වල් අලියෙකුගේ මළ සිරුරක් මුන්දල – විල්මෙන්න අභය භූමියේ දී සොයා ගන්නා ලදී.මෙම අලියාගේගේ වයස අවුරුදු 12-15ත් අතර බවත් මිය යාමට හේතුව වස මිශ්‍ර වූ ආහාර අනුභව කිරීම බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබේ.

වන අලින්ගේ ජනාවාස මානව ජනාවාස බවට පත් කිරීම හේතුවෙන්, වන අලින් ආහාර සොයා ජනාවාස සඳහා පැමිණ කෘෂිකාර්මික ඉඩම්වලට හානි සිදු කිරීම, ශ්‍රී ලංකාවේ පවතින අලි මිනිස් ගැටුමට හේතුවක් වී ඇත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, සෑම වර්ෂයකම අලින්ගේ සහ මිනිසුන්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

මෙම තත්ත්වය මත, මෑත කාලවලදී ශ්‍රී ලංකාවෙහි වැඩි අලින් ප්‍රමාණයක් දඩයම් කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව දන්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *