රක්ෂිත කැලෑ හානි වළක්වන්න ගුවන් නියමුවන් රහිත යානා – ගුවන් හමුදාවෙන්

රට තුළ සිදු කරන පරිසර හානි වැළැක්වීම පිණිස තොරතුරු නියමුවන් රහිත යානා මඟින් ලබා ගන්නවා - ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ

රට තුළ සිදු කරන පරිසර හානි වැළැක්වීම පිණිස තොරතුරු නියමුවන් රහිත යානා මඟින් ලබා ගන්නවා - ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ

රට තුළ සිදු කරන පරිසර හානි වැළැක්වීම පිණිස තොරතුරු ලබා ගැනීමට නියමුවන් රහිත යානා දේශීයව නිපදවීමට කටයුතු කර ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පැවසීය.

නවීන තාක්ෂණය යොදා ගෙන මෙරට සිදු කෙරෙන අනවසර වන වගාවන්, අනවසර වැලි ගොඩදැමීම මෙන්ම වනාන්තර හෙළි කිරීම පිළිබඳව තොරතුරු නියමුවන් රහිත යානා මඟින් ලබා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විටත් ගුවන් හමුදාව එම කාර්යයේ නියැළී සිටින අතර එම කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට දේශීය තාක්ෂණය උපයෝගී කරගන්නා බවත් නියමුවන් රහිත යානා තැනීම මේ වන විටත් ආරම්භ කර ඇතැයිද ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම මේ වන විට නවීන තාක්ෂණය හමුවේ නියමුවන් රහිත යානාවල ලෝක වෙළෙඳපොළේ මිල අඩුවී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *