LTTE’යට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන ලෙසට ඉන්දියාවේන් බ්‍රිතාන්‍යයට ඉල්ලීමක්

එල්ටීටීඊයට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන ලෙසට ඉන්දියාවේන් බ්‍රිතාන්‍යයට ඉල්ලීමක්

එල්ටීටීඊයට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන ලෙසට ඉන්දියාවේන් බ්‍රිතාන්‍යයට ඉල්ලීමක්

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන ලෙසට ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එම ත්‍රස්ත සංවිධානයට එරෙහි තහනම අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලීමක් කර තිබෙන අතර, වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය මෙන්ම ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්වරු ඝාතනයට ද එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය සෘජුවම වගකිව යුතු බවට පෙන්වා දී ඇතැයි වාර්තා වෙයි.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචන කොමිසම විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන ලෙස පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී නියෝගයක් නිකුත් කළ බව පෙන්වාදෙන ඉන්දියාව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම්වරයාගේ තීරණය අභියෝගයට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචන කොමිසම විසින් එම තීන්දුව ලබාදී තිබේ.

Transnational Government of Tamil Eelam (TGTE) නම් සංවිධානය විසින් ගොනු කළ No. PC/04/2019 අංක දරන මේ අභියාචනය පිළිගනිමින් අභියාචන කොමිසම බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් විසින් එල්ටීටීඊ සංවිධානය තහනම් කළ යුතු සංවිධානයක්ය යන්න දැරූ ස්ථාවරය ව්‍යාකූල බවට ප්‍රකාශ කළ අතර, එලිසබෙත් ලෙයින්, රිචර්ඩ් ව්හිටම් හා ෆිලිප් නෙල්සන් යන විනිසුරුවරුන් ඉදිරිපිට මේ අභියාචනය විභාගයට ගෙන ඇතැයි වාර්තා වෙයි. 2000 ත්‍රස්තවාදී පනත අනුව එල්ටීටීඊ සංවිධානය තහනම් කළ සංවිධාන ලැයිස්තුවට ඇතුළු කර තිබුණු අතර, 2018 වර්ෂයේ දී TGTE සංවිධානය විසින් බ්‍රිතාන්‍යයේ එවකට සිටි රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලා සිටියේ එල්ටීටීඊ සංවිධානය තහනම් කළ සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කර දමන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *