2020 වසරටම පාසල් අධ්‍යාපනය දින 60යි – ලංකා ගුරු සේවා සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

2020 වසර සැලකීමේදී පාසල් සිසුන්ට නිසි ලෙස අධ්‍යාපනය ලබා දී තිබෙන්නේ දින හැටකට ආසන්න කාලයක් බවත්, මේ නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විධිමත් තීන්දුවක් කඩිනමින් ගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

වසරකට ආසන්න වශයෙන් දින 200-230 අතර කාලයක් අධ්‍යාපනය ලබාදිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් විෂය මාලාව සම්පුර්ණ කිරීමට නොහැකි වන බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මේ නිසා ලබන වසරට සිසුන් උසස් කරනවාද යන්න හෝ අහිමි වී තිබෙන අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරනවාද යන්න පිළිබඳව කඩිනමින් තීන්දුවක් ගත යුතු බවත්, ඒ සෑම කටයුත්තකටම ගුරු විදුහල්පති වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ලබා ගත යුතු බවත් ඔහු පවසා සිටියේය.

අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවත් එය අසාර්ථක වැඩපිළිවෙළක් බවත් මේ නිසා මීට අදාළව විධිමත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

– ඉන්දික හේවාවිතාරණ –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *