කොරෝනා ගමට ගෙනාවා කියා ගුටි බැට හුවමාරු කරගනි

කොරෝනා ගමට ගෙනාවා කියා ගුටි බැට හුවමාරු කරගනි

කොරෝනා ගමට ගෙනාවා කියා ගුටි බැට හුවමාරු කරගනි

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි බැට හුවමාරුවක් ඇති කරගත් පවුල් 04ක සාමාජික සාමාජිකාවන් 08 දෙනෙකු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් ඊයේ (07) පියවර ගෙන තිබේ.

කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කිරීම නිසා පේදුරුතුඩුවේ එක් පවුලක් නිරෝධායනයට ලක් කොට සිටි අතර ඔවුන් යාපනයට කොරෝනා ගෙන එන ලද බවට චෝදනා කරමින් එම ප්‍රදේශයේ පවුල් දෙකක නිරෝධායනය වූ පිරිස සමග ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.

මේ සිද්ධියෙන් පසුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ ඇති අතර සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත ඔවුන්ව පලමුව නිරෝධානයන කිරීමටත් දෙවනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *