කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදුන්නොත් වසර 5ක් සිර දඬුවම්

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට
කොරෝනා ව්‍යාප්තියත් සමග යම් අයෙකු විසින් අසත්‍ය තොරතුරු ලබා දී ඇත්නම් වසර 5ක සිරදඬුවමක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරනවා.
අද උදෑසන රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ යම් අවස්ථාවක පුද්ගලයෙකු විසින් අසත්‍ය තොරතුරු ලබා දී හෝ සත්‍ය වසන්කර සිටීනම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පවතිනවාද යන්නයි.
එහිදී පිළිතුරු දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කලේ එවන් පුද්ගලයින් හට අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම යන නීතියට යටත්ව වසර 5ක සිරදඬුවම් සහිතව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බොහෝ ස්ථාන වල ජනතාවගේ තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල කිසියම් පුද්ගලයෙක් අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ද යටත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කර සිටියා.