අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ – කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා

අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ - කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා

අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ - කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා

අගමැතිවරයා සහ ප්‍රංශ තානාපති අතර රාජතාන්ත්‍රික හමුව පිලිබදව අගමැතිවරයාගේ ෆ්බ් සටහන:

අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ - කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා
අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ – කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා

“ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා සහ මා අතර රාජතාන්ත්‍රික හමුවක් (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් ආදී සහයෝගීතා වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බව එහි දී ප්‍රංශ තානාපතිවරයා සඳහන් කළේය”.

රාජ්‍ය සේවකයින් ගණනාවක් දැනටමත් ප්‍රංශ උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින බවත්, දෙරට අතර තවත් ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි බවත් තානාපති ලැවර්ටු පෙන්වා දුන්නේ ය.

පසුගිය මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව මා වෙත සුබ පැතුම් එක් කළ තානාපතිවරයා, කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ඉතාමත් අගය කළේ ය.
“අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ” යැයි පැවසූ තානාපති ලැවර්ටු මහතා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආශ්‍රිත මරණ අනුපාතය අඩු බව ද සඳහන් කළේය. ඒ තුළින් පිළිඹිබු වන්නේ ශ්‍රී ලංකාවේ ඉතා හොඳ සෞඛ්‍ය යටිතල ව්‍යුහයක් පවතින බව යැයි තානාපතිවරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පාලනය කිරීම මේ වනවිට රජයේ ප්‍රමුඛතා කාර්ය වී ඇති බව ද මෙම වසංගත තත්ත්වය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවද මම එහිදී පෙන්වා දුනිමි.

“ප්‍රංශ රජය හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා.” යැයි පැවසූ තානාපතිවරයා ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා ප්‍රංශ වෙළඳපොළේ වැඩි ඉල්ලුමක් තිබෙන බවද කියා සිටියේ ය.

එමගින් දෙ රට අතර වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ වැඩි ඉඩකඩක් ඇති බවට තානාපතිවරයා විශ්වාසය පළ කළේ ය.
ශ්‍රී ලංකාව ප්‍රංශයට කරන ප්‍රධාන අපනයන අතර ඇඟලුම්, වටිනා ගල් වර්ග සහ රබර් ටයර් ඇතුළත් වන අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දෙ රට ම උනන්දුවෙන් පසුවෙයි.

අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ - කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා
අපි සියල්ලෝම දැන් එකම බෝට්ටුවක සිටින්නේ – කොවිඩ්-19 ආශ්‍රිත මරණ පිළිබඳව ප්‍රංශ තානාපතිවරයා

– අගමැති මහින්ද රාජපක්ෂ fb
2020.11.04

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *