පෑලියගොඩ පොකුර බෝවුණේ මුදල් නෝට්ටු මගින්..

ඊයේ (03) දිනය වනවිට කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 63,663ක් නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබුණු අතර යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වල තවත් 1082ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබිණි. ඔවුන් අතරින් 10%ක් 20%ක් හෝ 30%ක් වුවත් කොරෝනා ආසාදිතයින් වශයෙන් තහවුරු වීමට ඉඩ ඇති බවත් එම ප්‍රතිශතය නිවැරදිවම මේ මොහොතේ පැවසිය නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. “විවිධ වූ ස්ථානවලින් පොකුරු නිර්මාණය වෙනවා. නිල නොවන මට්ටමින් ඇතැම් ස්ථානවල, සෞඛ්‍ය ආයතනවල පවා රෝගීන් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි මේවා මිනුවන්ගොඩ පොකුරට හෝ මත්ස්‍ය වෙළඳපොලේ පොකුරට සම්බන්ධ වෙලාද නැද්ද කියන එක ඒ ආරංචි වෙච්ච පමණින් කියන්න බෑ. ඒ සඳහා වසංගත රෝග විද්‍යාත්මකව පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනෙ. කොහොම වුණත් 4 වෙනි අදියර නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් මට්ටමට කොවිඩ් ආසාදිතයින් වැඩිවෙලා තියෙනවා විවිධ ප්‍රදේශ වලින්. දිනකට වාර්තා වෙන සාමාන්‍යය 400 – 500 අතර මට්ටමට මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. අනිත් එක තමයි මේක දරුණු වෛරස් එකක් හින්දා ඉතාම ඉක්මනින් පැතිරීමක් තියෙනවා. මේ කාරණාත් එක්ක ගත්තාම ඇත්තටම අපි තරමක් අවදානම් තත්වයක තමයි ඉන්නේ” යැයි ඒ මහතා රටේ කොරෝනා තත්වය පැහැදිලි කරමින් සඳහන් කළේය. ස්වයං නිරෝධායනයේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ “පැහැදිලිවම නිරෝධායනයට ලක් කරන්නේ යම්කිසි විදියකින් ආශ්‍රිතයින් යැයි හඳුනාගත් පිරිස. ඔවුන්ව ආශ්‍රිතයින් වියහැකි බවට තාක්ෂණිකව හොයලා බලලා තමයි ඒ කියන්නෙ ඔවුන් ළඟ ගැවසිච්ච කට්ටිය, එහෙම නැත්නම් එකට කාර්යාලයේ වැඩ කරපු කට්ටිය, ඒ වගේම වැඩ කරන අවස්ථාවේදී මුඛ ආවරණ වැනි ආරක්ෂිත ක්‍රමවේද පිළිනොපැද්ද කට්ටිය … මේ විදියට විවිධ වූ තාක්ෂණික කරුණු හොයා බලලා තමයි මේ නිරෝධායනයට කට්ටිය යොමු කරන්නෙ. එතකොට ලොකු හැකියාවක්, එහෙම නැත්නම් පොසිබිලිටි එකක් තියෙනවා ඒ කණ්ඩායමෙන් යම්කිසි ප්‍රතිශතයක්, 10%ක් 20%ක් හෝ 30%ක් වැනි ප්‍රතිශතයක් වුවත් ඉදිරියේදී වාර්තා වීමට. ඒ ප්‍රතිශතය කීයද කියන එක හරියටම කියන්න බෑ. නමුත් යම්කිසි ප්‍රතිශතයක් ආසාදිතයින් ලෙස වාර්තාවීමට ඉඩකඩක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන්ව නිරෝධායනයට ලක් කරලා තියෙන්නෙ. එතකොට දැනට සමාජයේ ඉන්න රෝගීන්ගෙන් පැතිරුණේ නැතත් මේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින්, එහෙම නැත්නම් ගෙදර නිරෝධායනය වෙන උදවියගෙන් තවත් රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතිං ඉදිරිය එතරම් පැහැදිලි නෑ කොරෝනා ඉතාමත් හොඳින් මර්දනය කිරීමේ හැකියාවන් පිළිබඳව. ඒ නිසා තමයි අපි හැමවෙලේම කියන්නෙ, මහජනතාවට දැනුවත් කරපු දේවල් අනුගමනය කිරීම හැර රෝගය පැතිරීම වැළැක්වීමේ විකල්ප ක්‍රියාමාර්ග නොමැති බව” යනුවෙනි. එසේම වාර්තා වන මරණ සහ රෝගීන් රෝහල්ගත නොවන්නේ බියකින්දැයි යන්න පිළිබඳව විමසීමේදී “මේක අනියත බියක් බැලුවාම පේන විදියට. මං ඒ රෝගීන්ගේ ඥාතීන් කීපදෙනෙක්ට කතා කරලා බැලුවා ඇයි රෝහලට ආවෙ නැත්තෙ කියලා, පෞද්ගලිකව. එහිදී අනාවරණය වුණේ ඔවුන් රෝහල්ගත වෙන්න අනියත බියක් හදාගෙන තියෙනවා. මේක ඇත්තටම අනවශ්‍ය කාරණාවක්. තමන්ට නිදන්ගත රෝගයක් තියෙනවා නම් ඒ රෝගීන් රෝහලට බාරගැනීම කිසිසේත් නවත්තලා නෑ. ඒ නිසා යම්කිසි නිදන්ගත රෝගයකින්, හෘද රෝගයකින් හෝ වෙනත් රෝගයකින් පෙළෙන ඕනෑම කෙනෙක් රෝහලට එන්න. රෝහල් කාර්ය මණ්ඩලය බිය නැහැ ඔබට මුහුණ දෙන්න. රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරලා වෙනම රෝගීන් වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අපි ස්ථාපිත කරලා තියෙනවා රෝහල්වල. එතකොට ඔබට කොවිඩ් ආසාදනය නිසා නම් රෝග ලක්ෂණ තියෙන්නෙ ඔබ කී රෝගියාට, එහිදී සාම්පල ගැනීමක් සිද්ධ කෙරෙනවා. ඒ හින්දා සියලු සෞඛ්‍ය ආයතනවල එවන් රෝගීන් රැකබලා ගන්න අවශ්‍ය පහසුකම් හදලා තියෙන්නෙ. ඒ හින්දා නිදන්ගත රෝග තියෙනවා නම් ඒවායින් යම් අපහසුතාවකින් පෙළෙනවා නම් එවැනි රෝගීන් බිය සැක නැතුව රෝහලට එන්න. බියේ ගෙදරට වෙලා ඉන්න එපා. ඔබව රැකබලා ගන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සූදානම්” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. මරණයට පත්වූ පුද්ගලයින්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා කොපමණ ප්‍රමාණයක් ලැබෙන්නට තිබේදැයි විසීමේදී ඒ මහතා පැවසුවේ “මම අංකයක් විදියට කියන්න දන්නෙ නෑ. නමුත් අධිකරණ වෛද්‍ය මහත්වරුන් යම්කිසි හදිසි මරණයකට හේතුව හොයනකොට ඊට සම්බන්ධ කාරණයක් විදියට කොවිඩ් ආසාදනය තිබ්බද නැද්ද කියන එක හොයා බලනවා. ඒ අනුව සාම්පල් ලබාගැනීම දිනපතා සිද්ධ වෙනවා ලංකාවෙ කොහෙන් හෝ. ඒ නිසා මියගිය රෝගීන්ගේ සාම්පල් පරීක්ෂා කිරීමේදී ඊයේ පෙරේදා වාර්තා වුණා වගේ මරණ පරීක්ෂණ වාර්තාවෙ කොවිඩ් පොසිටිව් තියෙන්න පුළුවන්. එයින් කියවෙන්නෙ නෑ 100%ක්ම මියගියේ කොවිඩ් හින්දය කියලා” යනුවෙනි. “පසුගිය සතිය පුරාවට අනපේක්ෂිත විදියට පරීක්ෂණවලට පුද්ගලයින් ලක් කරන්න වුණා, මොකද රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා. ඊයේ දවස වෙනකොට බොහෝ රසායනාගාරවල ගොඩගැහිලා තිබුණු සාම්පල් ප්‍රමාණය අවසන් කරලා තියෙන්නෙ. අපි කියනවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සාම්පල් ගොඩගැහිලා නෑ මේ වෙනකොට. දිනපතා ලැබෙන සාම්පල් දිනපතා කරන මට්ටමට ඊයෙ දවසේ රසායනාගාර තාක්ෂණවේදීන් ඇතුළු කණ්ඩායම කටයුතු කළා. ලංකාවෙ බොහෝ රසායනාගාරවල තත්වය එහෙමයි. පහුගිය දවස්වල එහෙම පරීක්ෂණ වාර්තා දින දෙකක් විතර පරක්කු වෙච්ච ඒවාත් තිබුණා. නමුත් ඒ සියල්ල යථා තත්වයට පත් කරලා තියෙන්නෙ. දැන් ඒ යාන්ත්‍රණය යථා තත්වයෙන් ක්‍රියාත්මක වෙනවා” යනුවෙනුයි පීසීආර් පරීක්ෂණ ප්‍රමාදය පිළිබඳ තත්වය පැහැදිලි කරමින් ඒ මහතා සඳහන් කළේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ උප පොකුරක් වූ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ කොවිඩ් රැල්ල බිහිවුණේ මුදල් නෝට්ටු මගින් බව අනාවරණය වී ඇත.

මත්ස්‍ය වෙළෙඳුන් අතරට වයිරසය පැමිණියේ ද මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පෑලියගොඩ උප පොකුර ඇරඹී දින දහතුනකදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා විය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශනයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වූ අතර එය ව්‍යාප්ත වීමට මුදල් නෝට්ටු මෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිතිද ඉවහල්ව ඇති බව සොයාගෙන තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුර ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා ඇරඹී අතර ඉන් පසුව ඇරඹී උප පොකුර ලෙස පෑලියගොඩ පොකුර මතුවන්නේ ඔක්තෝබර් 21 වැනිදාය.

– අරුණ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *