ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ස්වයං නිරෝධායනයට

වඩා දරුණු ගෝලීය වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

වඩා දරුණු ගෝලීය වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් ලෙස තමන්ද හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ප්‍රකාශ කර සිටියි.

කෙසේ වුවත් තමන් මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

“කොවිඩ් වෛරසය අසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස මාව හඳුනා ගෙන තිබෙනවා. මට කිසිදු රෝග ලක්ෂණයක් නැහැ. ඒ වගේම මම යහපත් සෞඛ්‍ය මට්ටමක සිටිනවා.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මාලාවන්ට අනුව මම ස්වයං නිරෝධායනයට යොමු වන අතරම ඉදිරි දින කිහිපය නිවසේ සිට රාජකාරී කිරීමට කටයුතු කරනවා යැයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *