කොරෝනා ආසාදනයේ ලක්ෂණ නොමැති අය PCR නොමැතිව නිවෙස්වලට!

කොරෝනා ආසාදනයේ ලක්ෂණ නොමැති අය PCR නොමැතිව නිවෙස්වලට

කොරෝනා ආසාදනයේ ලක්ෂණ නොමැති අය PCR නොමැතිව නිවෙස්වලට

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතවූවන් රෝහලෙන් පිටවීමේදී PCR පරීක්ෂාව සිදු කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝවන රෝග අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සුදත් සමරවීර මහතා පවසා සිටියේය.

ආසාදිත ලක්ෂණ නොමැති නැතහොත් ඉතා අඩු මට්ටමේ ආසාදිත ලක්ෂණ ඇති පුද්ගලයින් වෙත පවතින වෛරසය සාමාන්‍යයෙන් දින 10 කට පසු තවකෙනෙකුට බෝ නොවන බව තහවුරු වී ඇත. එබැවින් රෝහලෙන් පිටව යන පුද්ගලයන්ට PCR පරීක්ෂාව සිදු නොකර තවත් දින 14 ක් ස්වයං නීරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත. ඒ අතරම දරුණු ආසාදන රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට PCR පරීක්ෂාව සිදුකර ප්‍රතිකාර කිරීමෙන් පසුව නිවසට පිටත් කර හැරීමට තීරණය කරනු ලබන බවද ඔහු පවසා සිටියේය.

එමෙන්ම දරුණු ආසාදන රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් කොළඹ IDH රෝහලට ඇතුළත් කරනු ලබති. මෙනිසා සෑම විටම අතිරේක ප්‍රතිකාර ඇඳන් රෝහලේ සූදානම්ව පවති. රෝහලේ ප්‍රතිකාර ඇඳන් හිඟයක් පවතින බව පවසන පුවත් අසත්‍ය පුවත් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *