“කොරෝනා දෙවන රැල්ල රජයේ නොසැලකිල්ලේ ප්‍රතිඵලයක්” – එක්සත් ජාතික පක්ෂය

එ.ජා.ප යේ 75 වන සංවත්සර උත්සවය, තනතුර අත්හැරීමට රනිල් සූදානම් නැත

එ.ජා.ප යේ 75 වන සංවත්සර උත්සවය, තනතුර අත්හැරීමට රනිල් සූදානම් නැත

කොරෝනා වෛරසය පැතිරීමේ දෙවන රැල්ලෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා විධිමත් පියවර නොගෙන වෛරසය පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කර ජය ලැබූ බවක් පෙන්නුම් කිරීමට රජය ගන්නා උත්සාහය එක්සත් ජාතික පක්ෂය දැඩිලෙස හෙළා දැක තිබෙන බවට,එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

තවදුරටත් එහි,

දිවයින පුරා නැවත හිස එසවී ඇති covid-19 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට රජය පියවර ගැනීම ප්‍රමාද වීම කනගාටුවට කරුණකි. කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ල පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවතත් කළ අනතුරු ඇඟවීම් නොතකා, ජනතාව එයින් ආරක්ෂා කිරීම සඳහා විධිමත් පියවර නොගෙන වෛරසය පැතිරීම මුළුමනින්ම පාලනය කර ඇති බව පෙන්වීමට රජය උත්සාහ කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිසි නීති සම්පාදනය හා සීමාවන් පැනවීම හා ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීති සම්පාදනය නොකිරීම වෛරසය පැතිරීම වැලැක්වීමේ ක්‍රියාමාර්ග අඩපණ වීමට හේතුවිය. මෙයට හොඳම උදාහරණය වන්නේ, පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමට පෙර දින බ්‍රහස්පතින්දා බස්නාහිර පළාතෙන් පිටව ගිය විශාල පිරිසයි.

පසුගිය අප්‍රේල් මාසයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිහ මහතා සහ TNA පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මහජන සෞඛ්‍යය පිළිබඳ හදිසි පනත් කෙටුම්පතක්, කෙටුම්පත් කර එය රජයට භාර දුන්හ. කෙසේ වෙතත් ඒ අනුව කටයුතු කිරීමට රජය අපොහොසත් වී තිබේ.

එමෙන්ම කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ යන්ත්‍රය ක්‍රියා විරහිත වීම වෛරසය පැතිරීම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයන්ට විශාල බලපෑමක් කරනු ඇත.

PCR පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට දින 5 කට වඩා ගත වන අතර මෙය මහජන සෞඛ්‍යයට පමණක් නොව රටේ ආර්ථික කටයුතුවලටද විශාල බලපෑමක් කරනු ඇත.

අනවශ්‍ය ප්‍රමාදයන් වැලැක්වීම සඳහා ප්‍රමාණවත් PCR පරීක්ෂණ යන්ත්‍ර රටපුරා ඇති බව සහතික කිරීම රජයේ වගකීමකි.

මීට අමතරව රෝහල්වල ඇඳ ඇතිරිලි සහ කෘතීම ශ්වසන යන්ත්‍ර හිඟය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එබැවින් වෛරසයේ දෙවන රැල්ලෙන් රෝගීන් ආරක්ෂා කිරීම සඳහා රෝහල්වල ධාරිතාව ඉහළ නැංවීම රජයේ වගකීමකි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇති වී ඇති වර්තමාන අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා එහි වගකීම ඉටු කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *