හුදෙකලා කර ඇති ඇඟලුම් කම්හල් සේවකයන්ගේ තත්ත්වය දුක්ඛිතයි – ආහාර පවා හිඟ තත්ත්වයක්

විදුලි මිල ඉහළ යෑමත් සමග සේවකයන් ලක්ෂ 2ට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක්

විදුලි මිල ඉහළ යෑමත් සමග සේවකයන් ලක්ෂ 2ට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක්

හුදෙකලා කර ඇති ඇඟලුම් කම්හල් සේවකයන්ට කිසිඳු ආකාරයක සැලකිල්ලක් නොලැබුණු බව දන්වා ඇති, දාබිඳු සාමූහික සංවිධානය මේ හේතුවෙන් ඔවුන් විඳින පීඩාවන් සම්බන්ධයෙන් දැඩි විරෝධයකින් පසුවන බව ප්‍රකාශ කර තිබේ.

හුදෙකලා කර ඇති ඇඟලුම් කර්මාන්තශා සේවකයන් වෙත ආහාර මිලදී ගැනීම සඳහා මුදල් පවා නොමැති තත්ත්වයක් දක්නට හැකි බව ඇඟලුම් කම්හල් සේවකයන් වෙනුවෙන් වැඩ කරන දාබිඳු සාමූහික සංවිධානයේ චමිලා තුෂාරි මහත්මිය පවසා ඇත.

ඇතැම් අයට ඔවුන් සේවය කරන කර්මාන්තශාලා විසින් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සපයා දී තිබේ. නමුත් එය ප්‍රමාණවත් නොවේ. සමහර අයට කිසිඳු උදව් උපකාරයක් ලැබී නොමැත. හුදෙකලා කර ඇති ඇඟලුම් කම්හල් සේවකයන්ට උදව් කිරීමට කැමති අයට පවා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් තත්ත්වය තවත් බැරෑරුම් වී ඇතැයි ඇය සඳහන් කළාය.

ඔවුන් තමන් නවාතැන් ගෙන ඇති නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. මෙම නිවෙස්වල මෙතෙක් අසාධනයට ලක් වී නොමැති, දිනපතා සේවයට යන අය සිටින බවද දන්වා ඇති දාබිඳු සාමූහික සංවිධානය මේ හේතුවෙන් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම අධික බව ප්‍රකාශ කර ඇත.

ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අයගෙන් දිනකට ආසාධිතයන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් PCR පරීක්ෂණයෙන් හඳුනා ගන්නා බවද ඇය පැවසීය.

ඔවුන් නවාතැන් ගෙන ඇති නිවෙස්වල සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේද යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානය යොමු කරන්නේ නොමැත යන්නත්, ග්‍රාම නිලධාරීන් පවා මෙයට අවධානය යොමු නොකරන බවත් ඇය තව දුරටත් පැවසුවාය.
-thinakkural

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *