නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රු.10,000ක් වටිනා බඩු මල්ලක්

0
නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රු. 10,000ක් වටිනා බඩු මල්ලක්

නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රු. 10,000ක් වටිනා බඩු මල්ලක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිවාසවලම ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් ඔවුන්ගේ නිවාස වෙතම නොමිලේ පිරිනැමීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාවට නංවා තිබේ.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා පැවති සාකච්ඡාවේදී එළැඹි තීරණයකට අනුව බෙදාහැරීමට නියමිත මෙම බඩු මල්ල යුද හමුදාවේ සහාය ඇතිව නිවාස වෙත යැවීමට නියමිත ය.

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පා සිටින ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com