නව චීන තානාපති දිවයිනට : දින 14ක ස්වයං නිරෝධායනයකට

නව චීන තානාපති දිවයිනට : දින 14ක ස්වයං නිරෝධායනයකට

නව චීන තානාපති දිවයිනට : දින 14ක ස්වයං නිරෝධායනයකට

ශ්‍රී ලංකාව සඳහා නව චීන තානාපතිවරයෙකු පත්කර තිබේ. නව තානාපති කී. සෙන්හොංග් මහතා (30) මෙරටට පැමිණි අතර ඔහු මේ වනවිට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටී.

2017 සිට චීන ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කී සෙන්හොංග් මහතා 1988 එරට රාජ්‍ය තාන්ත්‍රික සේවයට එක්වූ අයෙකි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් සම්බන්ධ අංශ ගණනාවක සේවය කර ඇති ඔහු බහරේන්, හොංකොං ඇතුළු රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික සේවයේද අත්දැකීම් ඇති අයෙකි.

කී සෙන් හොංග් මහතා ‘එක් තීරයක් එක් මාවතක්’ ව්‍යාපෘතිය ඇතුළු ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව පිළිබඳ විශේෂඥයෙකු වේ.

ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ තානාපතිවරයා කියා සිටියේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ස්ථාපිත කිරීම හා විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා පැවැත්වීම මගින් දෙරටේ ජනතාවට වැඩිපුර ප්‍රතිලාභ ලබාදීමටත් කලාපීය සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිමත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බවයි.

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන කී සෙන් හොංග් මහතා ගුවන් තොටුපොළේදී රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ලබාදෙන පිළිගැනීම් ප්‍රතික්ෂේප කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *