කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රතිශක්තිය වැඩි ආහාර අනුභව කරන්න – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස‍

ප්‍රතිශක්තිය වැඩි ආහාර අනුභව කරන්න - විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස‍

ප්‍රතිශක්තිය වැඩි ආහාර අනුභව කරන්න - විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස‍

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දිනපතා ඉහළ ප්‍රතිශක්තීකරන ආහාර ගැනීම ඉතා අත්‍යවශ්‍ය බව පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන් විටමින් A, C සහ D අඩංගු ආහාර වැඩියෙන් අනුභව කළ යුතු බවත් සින්ක් සහ සෙලේනියම් ඛණිජ ලවණ බහුල ආහාර ප්‍රතිශක්තිය වඩවන බවත් පවසා සිටියාය.

වට්ටක්කා, කැරට්, පලා වර්ග විශේෂයෙන් ගොටුකොළ සහ මුරුංගා කොළවල විටමින් A අඩංගුවන අතර ඇඹුල් රසැති පළතුරුවල විටමින් C අඩංගු වේ. විශේෂයෙන් දොඩම්, දෙහි, නාරං, නෙල්ලි, පේර, පැපොල් සහ කෙසෙල් වැනි පළතුරු විටමින් C අඩංගු ඒවා වේ.

කූණිස්සන්වල සින්ක් බහුල අතර කව්පි, මුං වැනි ධාන්‍යවල සින්ක් සහ සෙලේනියම් අඩංගු වේ. මීට අමතරව මාළු, හාල් මැස්සන්, බිත්තර, කව්පි,කඩල, මුං සහ කරවල යනාදිය ප්‍රෝටීන බහුල ආහාර වේ. ඒ වගේම විටමින් D ලබා ගත හැකි හොඳම ක්‍රමය හිරු එළියයි. කෙනෙකුට උදේ 10 සිට සවස 3 දක්වා කාලය තුළ විනාඩි 10 ක කාලයක් හිරු එළියේ සිටීමෙන් ශරීරයට අවශ්‍ය විටමින් D ලබා ගත හැකියි. මධ්‍යහ්න 12 සිට 1 දක්වා කාලය තුළ ලබා ගන්නා හිරු එළියෙහි විටමින් D බහුල වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *