මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ආණ්ඩුවට පැය 48ක් කල් දෙයි

ගෝඨාභයට මේ තත්ත්වයට පත්වුණේ උද්ධච්චකමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා -මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
හෙද සේවයේ යෙදී සිටින්නන්ගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටලුවලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිලි විසඳුමක් ලබා නොදුණහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අනතරු අඟවති.
උන් වහන්සේ මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී ඉල්ලීම් කළ ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.
මේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.
කොරෝනා වෛරස් වසංගත තත්ත්වය නිසා හෙද හෙදියන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මෙම ප්‍රශ්න තුනට වහා ම විසඳුම් අවශ්‍ය බව ද උන්වහන්සේ පැවසූහ.
උන් වහන්සේ ප්‍රකාශ කළේ, දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් මෙම තීරණයට එළඹූණු බවය.
– මව්බිම