මෙහෙම ගියොත් කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකියි, පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් – GMOA

අපි ඉන්නේ බෝම්බයක් උඩ, දිනකට 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු පරීක්ෂණ 10,000ට බස්සලා - GMOA

අපි ඉන්නේ බෝම්බයක් උඩ, දිනකට 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු පරීක්ෂණ 10,000ට බස්සලා - GMOA

කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, සමාජ ව්‍යාප්තියක අභියසට ලංකාව පැමිණ ඇති බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඉතාම සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම බරපතළ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. වෙනත් වචනවලින් කිව්වොත් අපිට ඉතා පැහැදිලිව පේන්න තියෙන දේ තමයි සමාජ ව්‍යාප්තියක් කියන සාධක සැළකීමේ දී සමාජ ව්‍යාප්තියක් අභියසට ලංකාව ඇවිත් තියෙනවා කිව්වොත් නිවැරදි. ඊයේ දිනයේ දීත් ලංකාවේ රෝගීන් 300කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ රෝගීන්ගෙන් අති බහුතරය සමාජය තුළින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අපි මේ අරන් තියෙන ක්‍රියාමාර්ග නම් ගන්නේ, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අපිට යම් භයානක තැනකට තමයි යන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි මාස 2ක තුළ අසාමාන්‍ය ඉහළ මරණ ගානක් බලාපොරොත්තු වෙන්න වෙනවා රටක් විදියට අපි අද දවසේ හරි තීරණ ගත්තේ නැත්නම්. අවධානම් දිස්ත්‍රික්ක 5ක් අපි හඳුනාගෙන තියෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ඊට අමතරව අපි ගත්තහම කෑගල්ල සහ කුරුණෑගල නමුත් තව දිස්ත්‍රික්ක කිහිපයක දැන් අවදානම් තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. අපි කියන්නේ ඒ තත්ත්වයක් පාලනය කිරීමට නම් මේ දිස්ත්‍රික්ක 5 තුළ දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායටත් අපි යෝජනා කරලා තියෙනවා. මේ තීරණ ප්‍රමාද වීම තුළ රටට භයානක ප්‍රතිඵල ලැබීමට නියමිතයි.“

මේ අතර, අද දෙරණ “BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ, වත්මන් කොවිඩ් තත්ත්වය තවදුරටත් පාලනය කර ගත නොහැකි වුවහොත් සංකූලතා ඇති වන පුද්ගලයින් වැඩිවීමේ අවදානමක් පවතින බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

“ මම හිතනවා අපි මීට වඩා දැඩි තැනකට යෑම අවශ්‍යයි කියලා, අපි දැක්කා සංචරණ සීමාවන් එක්ක මේ රෝගය පැතිරෙන ආකාරය. මේක එක මට්ටමකට වඩා පැතිරුණාට පස්සේ මේක පාලනය කිරීම අසීරු වෙනවා. අමෙරිකාවේ තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්. “

ප්‍රශ්නය – රෝග ලක්ෂණ මොනව ද කොහොම ද මේක එළියට පේන්නේ ?

“බහුලව ඇතිවෙන රෝග ලක්ෂණය වන්නේ උණ සහ කැස්ස. නමුත් සමහර විට අපි දකිනවා සමහර රෝගීන් එනවා පාචන තත්ත්වයන් යටතේ. බඩබුරුලට යනවා කියලා එනවා. ඒ වගේම තද ඇඟපත වේදනාව සමහර අයට තියෙන ලක්ෂණයක් වෙනවා. සමහර අයගේ ගඳ සුවඳ නොදැනීම ප්‍රධාන ලක්ෂණයක් වෙනවා. සාමාන්‍යයෙන් සොටු දියර ගැලීම කියන එක බොහෝවිට අපි දකින්නේ නැහැ. නමුත් උගුරේ වේදනාව හා කැස්ස දකින්න ලැබෙනවා. විශේෂයෙන් අපි දන්නවා වයස වැඩි අයට ඒ වගේම දියවැඩියාව හා රුධිර පීඩනය වැනි තත්ත්වයන් තියෙන අයට, මේ රෝගය නිසා බලපතළ සංකූලතාවයන් ඇතිවීමේ අවදානම වැඩී. මේ මාසය තුළ අපිට අවුරුදු 70ට වැඩි අය 22 ක් විතර ඇතුළුවෙලා තියෙනවා අපේ රෝහලට පමණක්. ඊට ඉස්සරහට මේ සංඛ්‍යාව දිගට තිබුණොත්, ඒ වගේ සංකූලතා ඇති වෙන අය, ICU එකට ගන්න වෙන අය, මියයන අය වැඩිවීමේ අවදානමක් තියෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *