පෑලියගොඩ පොකුර ඉතා විශාලයි..එය රටපුරාම විහිදෙන එකක් – වෛද්‍ය සුදත් සමරවීර

ගඳ, සුවඳ, රස දැනෙන්නේ නැත්නම් කොරෝනාදැයි සැක කළ හැකි - වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා
මේ ආකාරයට රටපුරා කොරෝනා රෝගීන් වාර්තා වීම විශාල අභියෝගයක් බවත් ඔවුන් හඳුනාගැනීම නිරෝධායනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල ආශ්‍රිතව ඇතිවූ ද්විතීයික පොකුර ඉතා විශාල බවත් එය රටපුරාම විහිදෙන එකක් බවත් එය තවම සමාජගත වී නොමැති බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
මේ වන විට සමස්ථයක් ලෙස මුළු දිවයින පුරා පීසීආර් පරීක්ෂණ 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පෙරේදා දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.