සෞදි කුමරු මොහොමද් බින් සල්මාන්ට එරෙහිව නඩු

සෞදි කුමරු මොහොමද් බින් සල්මාන්ට එරෙහිව නඩු

සෞදි කුමරු මොහොමද් බින් සල්මාන්ට එරෙහිව නඩු

මාධ්‍යවේදී ජමොල් කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය තුර්කි ජාතික හටීටේ සෙන්ජිස් සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට එරෙහිව නඩු පවරා ඇතැයි වාර්තා වේ.

හටීටේ සෙන්ජිස්, කුමරුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ඇමෙරිකාවට ගොස්, ඇමෙරිකාවේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානවල සහාය ඇතිවය. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරු සහ කුමරුන්ගේ සමීපතමයන් සහ සෞදි රාජ්‍ය නිලධාරීන් 28 දෙනකුට එරෙහිව චෝදනා නිකුත් කර ඇති බව ද වාර්තා වේ.

මරා දැමෙන අවස්ථාව වනවිට කශොග්ජී සෞදියෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ පදිංචිව සිටියේය. ඒ, කශොග්ජී දිගින් දිගටම සල්මාන් කුමරු විවේචනය කළ බැවිනි.

මීට වසර දෙකකට පෙර 2018 දී තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදී, කශොග්ජී මරා දැමීම සිදුවිය. එය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේ බවට චෝදනා එල්ල වුවත්, කුමරු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *