COVID -19 සම්බන්ධයෙන් වඩා හොඳ ඇගයීමක් නොමැති නම් රට අනතුරේ – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි තීරණයක්
COVID -19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් වඩා හොඳ තක්සේරුවක් කිරීමට අසමත් වුවහොත් ඉදිරි දිනවලදී මුළු රටම වසා දමන තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
මේ වන විට COVID -19 ආසාදන හඳුනාගෙන ඇති ප්‍රදේශ සිතියම් ගත කර අවශ්‍ය පියවර ගත යුතු බව සංගමය ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය මේ සම්බන්ධයෙන් තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අළුත්ගේ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. කොවිඩ් -19 වෛරසය පැතිරීම ප්‍රජාව තුළ ව්‍යාප්ත වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
