උතුරු නැගෙනහිර හි දෙමළ බසට මුල්තැන! සිංහලයන් ඉන්දියාවට අයිති අයයි! – භික්ෂුවක් හෙළිකරයි

බුදු හාමුදුරුවොත් අසනීප වුනාම බෙහෙත් ගත්තා. පවිත්‍රා නෝනා ගිහින් PCR යන්ත්‍ර හයිකරන්න! - පරගොඩ රජමහා විහාරාධිපති

බුදු හාමුදුරුවොත් අසනීප වුනාම බෙහෙත් ගත්තා. පවිත්‍රා නෝනා ගිහින් PCR යන්ත්‍ර හයිකරන්න! - පරගොඩ රජමහා විහාරාධිපති

මඩකලපුව විහාරයක භික්ෂුවකට උසාවිය විසින් දෙමළ බසින් නොතිසි නිකුත් කොට ඇත. මඩකලපුව දෙමළ ප්‍රදේශයක් වන බැවින්, කිසිම විටෙක සිංහල බසින් නොතීසි යවනු නොලබයි යනුවෙන් බෞද්‍ධ භික්ෂුවක් පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් එම හිමි තවදුරටත් පවසමින්,

“එක්කෝ දෙමළ සහ සිංහල යන භාෂා දෙකෙන්ම යවලා තිබිය යතුයි. බහුතරයක් ලෙස දෙමළ මුස්ලිම් ජනතාව සිටියේ නම්, නැතහොත් 20% ට වඩා වැඩි දෙමළ ජන කොටසක් රටේ සිටින බැවින් දෙමළ බසට ප්‍රමුඛ තැනක් ලබා දිය යුතුයි.

ඒ වගේම ජාතික ගීයේ ඇති පේළි දෙමළ බසින්ද දැමිය යුතුය. ඔවුන් මේ රටේ වැසියන්. මෙහේ ඉපදුන අය. රස්සා කරන්නෙත් මෙහේ, ඔවුන් වෙනත් රටක මිනිස්සු නොවේ. සිංහල බෞද්ධ පිළිබඳ විස්තර ලබා දෙන්න බොහෝ අය ඉන්නවා. මේ රටේ සිංහල කථා කරන ජනතාව තමයි අපි.

වතුකරයේ ජීවත්වන දෙමළ අයත් ඉන්නවා. මුස්ලිම් අයත් ඉන්නවා. අපි සියල්ලෝම ඉන්දියාවෙන් පැමිණි අය. ඒ වුනත් මේ රටට අයිති අයයි. සිංහලයන් තමයි මුලින් මෙහෙට ආවෙ. විජය කුමරු පැමිණි පසු තමයි බුද්ධ‍ාගම ආවෙ. ඒවුනාට මේ රට ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් නොවෙයි. තවත් ප්‍රාන්තයක් කරගන්න අහසින් පරිප්පු, හාල්, අල යනාදිය හැලුවා. එයට විරුද්ධව නැගී සිටි සිංහල බෞද්ධ තරුණයින් බොහෝ දෙනෙක් ඝාතනය කරනු ලැබුවා.

මෙය වෙනම රාජ්‍යයක්. මෙහි සිංහල දෙමළ ලෙස වෙන්කර කතා කරන්න බෑ. ලාංකිකයන් යන අභිමානය ඇති කළ යුතුයි. සිංහල දෙමළ කියලා වෙන්කරල කතා කළොත් අපේ අනාගතය විනාශ වෙලා යාවි.

අපි සැවොම ලාංකිකයන් යන හැඟීම දැන් නැහැ. ඒ නිසා තමයි ඇමරිකාව, චීනය වැනි පිටරටවල් අපිට බලපෑම් කරන්නේ. තම තමන්ගේ දරුවන්ට දක්වන ආදරයම දෙමළ මුස්ලිම් දරුවන්ටත් පෙන්විය යුතුයි. සෑම දෙනාම එකමුතුව ජීවත් විය යුතුයි, යන බුද්ධ දේශනය ප්‍රකාරව අපි ජීවත් විය යුතුයි.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *