රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

බදුර්දීන් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කතානායකට
මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, දෙහිවලදී මොහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.