ජැසෙන්ඩා බහුතර බලයක් සහිතව ජයක් ලබද්දී පළමු වරට නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික සම්භවයක් සතු කතක් තේරී පත් වෙයි

පළමු වරට ශ්‍රී ලාංකික සම්භවයක් සතු කාන්තාවක් වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයලබා තිබේ.

නවසීලන්ත ජාතික හැමිල්ටන්හි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ජේක් බෙසන්ට් සමඟ තරඟ වැදී ඇය ඡන්ද 14,142 ලබා ගෙන නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රි දුරයක් හොබවීමට සුදුසුකම් ලබා තිබේ.

තම ළමා කාලයේ දීම නවසීලන්තයට ගිය ඇය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර එරට මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරනියක් ලෙස සහ මානව හිමිකම් නීතීඥයෙකු ලෙස කටයුතු කර ඇත.

මේ අතර නවසීලන්ත ජනතාවගේ අසීමිත ගෞරවය සහ ආදරය දිනූ අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ප්‍රමුඛ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය ජය ග්‍රහණය කර ඇත.

අගමැතිනිය ලැබූ එම ජය එසේ මෙසේ එකක් නොවෙයි. එය ඓතිහාසික ජයකි.අගමැතිනි ජැසෙන්ඩා එර්ඩන් ප්‍රමුඛ කම්කරු පක්ෂය ජයග්‍රහණය කළේ බහුතර බලයක් ද සමගින්ය.

වර්තමානයේ ක්‍රියාත්මක, නවසීලන්ත ඡන්ද ක්‍රමය හදුන්වා දීම සිදුවූයේ 1996 වසරේ දීය. එම ඡන්ද ක්‍රමය යටතේ, මේ වනතුර එරට කිසිදු දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයකින් බහුතර බලයක් සහිතව ජයක් ලබා නැත.

ජැසෙන්ඩා සහ ඇගේ කම්කරු පක්ෂය එය වෙනස් කර තිබේ.නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 120 න් ආසන 64 කට වඩා වැඩි ගණනක් ජයග්‍රහණය කිරීමට කම්කරු පක්ෂය සමත් වූ බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *