(video) නිරෝධායනය වන දරුවෝ විභාග ශාලාවලට ඇවිල්ලා තියෙනවා – ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය

කොරෝනා වසංගතයත් සමග උසස් පෙළ විභාගයට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව ලංකා ගුරු සංගමය (17) දින කරුණු පැහැදිලි කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා,

“මතුවෙලා තියෙන ප්‍රශ්නයක් තමයි නිරෝධායනය ලක්වන දරුවෝ විභාග ශාලාවලට ඇවිල්ලා තියෙනවා. ඒ ළමයි සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ළමයි විභාග ශාලාවෙන් එළියට එද්දී ඇතැම් අවස්ථාවල මේ ළමයි අනිත් ළමයි එක්ක මුසු වෙනවා. මේවා සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඕනේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාග ශාලා සම්බන්ධයෙන් හරි නිරීක්ෂණයකට ලක් කරන්න ඕනේ. මේ විභාග මධ්‍යස්ථානවල සනීපාරක්ෂක ක්‍රියාමාර්ග සඳහා ලබාදීලා තියෙන්නේ දවස් 22 ටම රුපියල් 1000/=. ඒ රුපියල් 1000/= මොකක්ද කරන්න පුළුවන්? අද වෙනකම් මේ මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැහැ”.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා,

“අපි තව දවස් දෙක තුනක් ඇතුළත තීරණයක් ගන්නවා මේ විභාගය මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් ද බැරිද කියලා. එහෙම වුණොත් අපි විභාග රාජකාරිවලින් ගුරුවරු සහ විදුහල්පතිවරු ඉවත් කරගන්න තීරණය කරනවා. ගුරුවරු ළමයින්ට තියෙන දයාව නිසා තමයි මේ විභාගය මේ අනතුරුදායක තත්ත්වය යටතේ පවත්වාගෙන යන්නේ. මේක වැරදි විදිහට පාවිච්චි කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා”.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *