පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් වෑන් රථයක් කාත්තාන්කුඩියෙන් සොයා ගැනේ..

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත් අඩංගුවටපත්ව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක් අයෙකු භාවිතා කලා යැයි සැකකරන වෑන් රථයක් ඊයේ (16) රාත්‍රීයේ මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව නව කාත්තාන්කුඩි රිස්වි නගර්හිදී සොයා බාරයට ගෙන ඇත.
පාස්කු ප්‍රහාරයට සමබන්ධ යැයි එක් අයෙකු 2019 වසරේ අප්‍රේල් 25 වන දින අත් අඩංගුවටපත්ව මොණරාගල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුගේ නමින් මෙම වෑන් රථය මිලදි ගෙන ඇති බව පොලිසිය පවසයි.
මේ වන විට මෙම වෑන් රථය මඩකලපුව දිසා අපරාධ විමර්ශන කොට්ඨාශයේ පොලිසිය විසින් කාත්තාන්කුඩි පොලිස් ස්ථානයට භාර කර ඇත.
මෙම වෑන් රථය පැදවු රියදුරු අත් අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශනය පවත්වන බව පොලිසිය වැඩිදුර පවසයි.