“මුස්ලිම් අන්තවාදීන් දෙදෙනකු නිදහස් කරන්න අස්සන් කළේ CID නිලධාරීන් ගැන තැබූ විශ්වාසය නිසයි” – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් ගැළපෙනවා - මෛත්‍රීපාල සිරිසේන

සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් ගැළපෙනවා - මෛත්‍රීපාල සිරිසේන

ප්‍රහාරයට පෙර වනාතවිල්ලුව අවි ගබඩා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මුස්ලිම් අන්තවාදීන් සිව් දෙනාගෙන් දෙදෙනකු නිදහස් කිරීමට තම අස්සන යෙදූවේ ඒ සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෙරෙහි තිබූ විශ්වාසයෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (14) පාස්කු කොමිසම හමුවේ කියා සිටියේය.

ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔවුන් එවන වාර්තා ගැන විශ්වාසයක් මත තමා අත්සන් කට බව කියා සිටි හිටපු ජනාධිපති වරයා කිසි දිනෙක ඔවුන් ත්‍රස්තවාදින් බව දැන සිටියේ නම් තම අත්සන නොතබන බවද කියා සිටියේය. මට අත්සනට එවන්නේ අපරාධ පරීක්ෂණ මෙම සිද්ධියට අදාළව විමර්ශන කරන නිලධාරීන්. ඔවුන් විමර්ශන කර අත්සන යොදා මගේ අත්සනට එව්වම ඔවුන් කෙරෙහි ඇති විශ්වාසයෙන් මම අත්සන් කරනවා. එවැනි ලිපි මිටි ගණන් මගේ අත්සනට ගේනවා. ජනාධිපති ලෙස මට විශාල ලිපි ගොනු දිනකට අත්සන් කරන්න වෙනවා. හැම ලිපි ගොනුවක් ම පරීක්ෂා කරන්න මට වෙලාවක් ලැබෙන්නේ නෑ යැයිද හිටපු ජනාධිපති වරයා කොමිසමට කියා සිටියේය. කොමිසමේ සභාපති විනිසුරු වරයා සිදු කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය

කොමිසමේ සභාපති විනිසුරුවරයා :ත්‍රස්ත පනත යටතේ ඇතැම් සැකකරුවන් වසර පහකට වැඩි කාලයක් රදවා සිටින බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී තිබෙනවා.ඉස්ලාම් අන්තවාදීන් පුපූරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්තාම සාක්ෂි නෑ කියලා මාස තුනක් යාමට පෙර නිදහස් කරනවා. ඒකට හේතුව මොකක්ද හිටපු ජනාධිපතිතුමා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා :ත්‍රස්තවාදින් නිදහස් කළා නම් ඒකට අත්සන් කට අය වගකියන්න ඕන. මගේ ධූර කාලයේ ඉස්ලාම් අන්තවාදීන් නෙමෙයි කිසිම සැකකරුවෙක් නිදහස් කරන්න කියලා කිසිම කෙනෙක් මගේ ලගට එන්නේ නැහැ.

“ඒ ත්‍රස්තවාදීන් හතර දෙනාගෙන් දෙන්නෙක් නිදහස් කරන්න අත්සන් යොදලා තිබුනේ හිටපු ජනාධිපතිවරයා ලෙස ඔබතුමා” යැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *