‘කොරෝනා දෙවන රැල්ලට හේතුව රජයේ නොසැලකිලිමත්කමයි’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

හමුදාපති ශවේන්ද්‍රට එරෙහි ඇමරිකානු ගමන් තහනම ඉවත් කිරීමට පොම්පෙයෝ සමඟ සාකච්ඡා කරන්න - සජිත්
රජයේ නොසැලකිලිමත් බව හේතුවෙන් කොරෝනාවෛරසයේ දෙවන රැල්ල මතු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ, රට තුළ කොරෝනා දෙවන රැල්ලක් මතුව ඇති අවස්ථාවකදී වුව ද රජය සුපුරුදු දේශපාලන සූදූවෙහි යෙදෙමින් සිටින බවය.
කොරෝනා ආසාදිතයින් හමුවන නිවෙස් පිළිබඳව විධිමත් සෞඛ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමත්, ඔවුන්ට එදිනෙදා ජන ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය දීමනාවක් හෝ ද්‍රව්‍යමය සහනයක් හෝ ලබා දීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු නොකිරීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.